Thursday, September 20, 2018

ආච්චීගේ කතා 18


චම්පිකාට හොයන්නෙ රජයේ රැකියාවක් කරන තරුණයෙක් කිව්වම මගේ අහිංසක බලාපොරොත්තු සුනුවිසුනු වෙලා ගියා. චම්පිකා මුලින්ම දැකපු දවසෙ ඉඳලා එයා කාගේ කවුද කියලා දැනගන්න තිබුන උනන්දුව , ඊට පස්සෙ එයාව නැවත දකින බලාපොරොත්තුවෙන් එයාලගේ ළිඳට නාන්න ගියහැටි. එයාව දකින බලාපොරොත්තුවෙන් පුංචි ගේ පුතාට උදව්වට ගිහින් දර පලපු හැටි, සේරම නැවත මතක් වෙනකොට හිතට ලොකු වේදනාවක් ඇතිවුණා.

කොහොම හරි මං නැවත ගෙදර ඇවිත් මගේ ඉගෙනීමේ කටයුතු ආරම්භ කලා. ඒ අතර මම රැකියාවකුත් කලා....දැන් චම්පිකාගේ සිද්ධිය වෙලා අවුරුදු 7,8, විතර ගිහින් ...
එයා ගැන මවපු අනාගත  සුබ සිහින මටත් අමතකවී ගිහින් ...දිනක් මා සේවය කල ආයතනයේ අවශ්‍යතාවයකට කොළඹ ගියා...
නැවත බසයේ එනවිට මගේ ආයතනයෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා.. එහි සේවය කරන අක්කා කෙනෙක් කතා කලේ..

""ඔයාගේ ආච්චී ඔයාව හොයාගෙන ඔෆිස් එකට ආවා. අපි කිව්ව ඔයා කොළඹ ගිහින් කියල . එයා ඔයාගේ මොබයිල්  අංකයක් ඉල්ලුවා .ඔයා කාටවත් දෙන්න එපා කියල තියෙන නිසා දුන්නේ නැහැ .
එයාගෙ අංකය අපි ඉල්ලා ගත්තා"" යැයි කීවාය .

හදිසියේ පාත්වූ ගිනිවිජ්ජුම්බරය මොකක් දැයි බසයේ සිටම මං කල්පනා කලා.... කිසිවක් සිතාගන්නට නොහැකිව ආයතනයට පැමිණි මා සේවය හමාරවී ගෙදර ගොස් සියල්ල අම්මාට කීවේය ..
අම්මා ගේ උපදෙස් අනුව ආච්චී විසින් මගේ ආයතනයට ලබාදී තිබූ අංකයට ඇමතුමක් ගතිමි... එයට ප්‍රතිචාර දැක්වූයේ පුංචි විසිනි...

""ඇයි මාව හොයාගෙන ගමේ අම්මා ආවෙ "' මම ඇසුවේය...
"ඔයාට යෝජනාවක් තියෙනවා " පුංචි කීවාය...
කාගෙන්ද........චම්පිකා ගේ ගෙදරින් ...
පුංචි කීවාය ............

මේ ගැන ඔයාලගේ අම්මා එක්ක කතා කරන්න ඕන ...අම්මට කියන්න මට කෝල් එකක් දෙන්න කියල .....යැයි පුංචි කීවාය ....

මා එවෙලේ  පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් පිනුමකුත් ගසන්නට ඇතැයි ඔබ සිතනවා ඇති ....එහෙත් වසර 7,8 කට පෙර චම්පිකා පිළිබඳව මසිත තුල තිබූ කැමැත්ත කාලයාගේ ඇවෑමෙන් වියැකී ගොස් තිබුණි....

"මං අම්මාට කියන්නම් "කියා පුංචිට පවසා දුරකථනය විසන්ධි කලෙමි....

පසුව සිද්ධිය අම්මාට පැවසූ අතර ඔයා මොකද කියන්නේ යැයි අම්මා ඇසුවාය...
" මං කැමති නැහැ " කවදත් සෘජු තීරණ ගන්නා මගේ පිළිතුර ගැන අම්මා නැවත නැවත ප්‍රශ්න අසන්නට ආවේ නැත...
ඊට දිනකිහිපයකට පසුව පුංචි මගේ ජංගම දුරකථනයට කතා කලාය....

"මොකද ඔයාගේ අම්මා කතා කලේ නැත්තේ , අරහෙන් උත්තරයක් බලාගෙන ඉන්නවා " පුංචි කීවාය

මං අම්මට කියන්නම් කෝල් එකක් ගන්න කියල ....
එදින රාත්‍රියේ  පුංචිට ඇමතුමක් ගත් අම්මා මගේ අකමැත්ත ප්‍රකාශ කලේය ...
එහෙත් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඇය ...

""ඇයි කැමති නැත්තේ මොන තරම් දේපොළ තියෙනවාද ...සේරම ඒ කෙල්ලට.....ඉඩම් අක්කර........කුඹුරු .....
සේරම එයාට ......කවුරුවත් ඇඟිලි ගහන්න එන්නෙ නැහැ ...එයාට ඕන විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ......

පුංචිගේ කතා ශෛලිය දක්ෂ මඟුල් කපුවෙකුගේ වාග් විලාශය දක්වයි.....
එහෙත් මගේ ප්‍රතිචාරයේ වෙනසක් නොමැත.....කිසිදා සිදුනොවන විවාහයක් වෙනුවෙන් වෙහෙසෙන පුංචි පිළිබඳව මා තුල කළකිරීමෙක් මෝදු වෙමින් තිබුණි ....

සාමාන්‍යයෙන් මගේ තීරණ වෙනස් කිරීමට අන්‍යයන්ට නොහැක..
එසේ යම් පමණකින් හෝ කල හැක්කේ අම්මාට පමණකි.....මගේ දැඩි භාවය නිසාම ඇතැම් පුද්ගලයන් මා ඇසුරු කිරීමට අකමැතිය ....එහෙත් ඇතැම්හු ඉතා කැමතිය.....

කෙසේ හෝ සති කිහිපයකට පසුව අම්මා ගමේ ගියාය.....ඒ ආච්චීගේ සැපදුක් විචාරන්නට මෙන්ම, රජයේ රැකියාවක් කරන පුද්ගලයකුට පමණක් විවාහ කරදෙන්නට තීන්දු කරගෙන සිටි චම්පිකාගේ  මංගල යෝජනාවේ ආගමනය පිළිබඳව තොරතුරු සොයා බලන්නටය.....

ගමේ ගොස් පැමිණි අම්මාට අනුව චම්පිකා ගේ මංගල යෝජනාව ආච්චීගේ ගෙදරට ඉදිරිපත් කර තිබුණේ චම්පිකාගේ දෙමාපියන් විසිනි.....
ඒ අනුව ආච්චී විසින් මගේ ආයතනය සොයා පැමිණ, එය ඉදිරිපත් කර තිබුණි.......

කෙසේ වෙතත් එම යෝජනාවට දිගින් දිගින් අපගේ අකමැත්ත පළකලද එය අවබෝධ කරගැනීමේ බුද්ධියක් පුංචි සතුව නොතිබිණි ....

මෙසේ සතියකට වරක් දුරකථන ඇමතුමක් දී සුවදුක් විචාරා අවසානයේ "අරකට මොකද කියන්නේ "" යැයි ඇසීම ඇගේ පුරුද්දක් විය....

මෙම කරදරයෙන් බේරෙන්නට කල්පනා කල්පනා කරමින් සිටි මාහට අපූරු අදහසක් සිත් පහල විය..... එනම් ඇගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදී සිටීමය...මෙලෙස මාස ගණනාවක් පුංචි ගේ දුරකථන ඇමතුම් මඟහරිමින් සිටි මාහට දිනක් ආච්චී බලන්නට ගොස් පැමිණි අම්මා අපූරු තොරතුරක් දුන්නේය.....

Friday, August 31, 2018

අක්කලා මල්ලි බබාලට ආදරෙයි

මට වයස අවුරුදු 16 විතර කාලෙ හොඳ පෙනුමක් තිබුනා.......ඒක තව ඔප්නංවන්න සතියකට සැරයක් කහ,සුදු හඳුන්, එහෙම ගලගාලා මුහුණට හොඳ සාත්තුවකුත් දෙනවා....ඩෙනිම ගහලා ,ටී ෂර්ට් කෑල්ලක් දාගෙන , හොඳ සෙන්ට් පාරක් ගහලා තමයි ඉතින් ගෙදරින් එළියට බහින්නෙ ...........

ඒ වෙලාවට අම්මට උනත් හිතෙන්න ඇති මං එහෙම කිටමරලා යන්නෙ කෙල්ලෙක් හම්බවෙන්න ඇති කියල .........

එක අතකින් අම්මට එහෙම හිතෙන එකත් සාධාරණයි. ඒකාලෙ මගේ තිබුන කැටයම් ඇම්බැක්කෙ දේවාලයේ වත් තියෙන්න නැතුව ඇති ........
😂😂😂

ඔය කාලෙ මට වඩා අවුරුදු පහක් වැඩිමහල් ලස්සන අක්කි බබෙක් ගේ විශේෂ ඇල්ම බැල්ම මං දිහාට යොමුවුණේ .......
අක්කලා මල්ලි බබාලට ආදරෙයි කියල මට ඒකාලෙ තමයි තේරුණේ .......😂😂😂

කොහොම උනත් අම්මට ටිකක් තේරුම් ගිහින් තිබුනත් අම්මා නිහඬව හිටියේ මං පොඩි එකා නිසා වෙන්න ඇති ............

ඔය කාලෙම තමයි අපේ අල්ලපු ගෙදරට පවුලක් පදිංචියට ආවෙ........පුංචි දරුවො තුන් දෙනයි අම්මයි තාත්තයි........ඒ කාන්තාවට වයස 31 විතර , එයාට සමන්ති කියල හඳුන්වන්නම්.........එයාගෙ බාල නංගීත් ඒ ගෙදර  නැවතිලා පාසැල් ගියා........එය මගේ වයසෙ.........එයාගෙ නම නිමාලි........

ටික දවසක් යනකොට තේරුනා ඒ නිමාලි මං ගැන උනන්දුවක් තියෙනවා කියල ........
මේ කෙල්ලගේ වැඩේ අපේ ගෙදර දිහා බලන් ඉන්න  එක.......මේකි ඉස්කෝලෙ යන්න පිටත් වෙන්නෙත් , පංති යන්නෙත්, කොටින්ම මිදුලට වෙලා අක්කගේ ඔලුවෙ උකුනො ලන්නෙත් අපේ ගේ පැත්තට හැරිලා......😂😂😂

මේක මට මාරම අවුල් , ඇයි අපේ අම්මට මීටර් උනොත් මං විනාසයි........ නිමාලි ගෙ වැඩේ අපේ ගේ පැත්තට ඇන්ටනාව දාගෙන ඉන්න එකමයි.......අපේ ඉස්සරහ දොරකඩට ආපු ගමන් කෙලින්ම පේන්නේ එයාලගේ ගෙදර ......මට ඒක විශේෂයෙන් බලන්න ඕන නැහැ , නිකන්ම පේනවා .......

දවසක් ඒ නිමාලි වැට ලඟට ඇවිත්
 ""තුසිත අයියේ.......කියල කතා කලා......මං ඉතින් ඇයි කියල ඇහුවා ....

අයියේ ඔයා ගාව O/L පාස්ට් පේපර්ස් තියෙනවා ද කියල ඇහුවා.........මං ලඟ තිබුණා හොයලා  කිව්ව .....ඔය කාලෙ ආච්චී අපේ ගෙදර ඇවිත් හිටියේ........

මේ අතරේ නිමාලි ගේ අක්ක සමන්ති ත් ටිකක් අපේ අම්මා එක්ක හිතවත් වෙලා ....ඉඳ හිට අපේ ගෙදර ඇවිත් ටික වෙලාවක් කතා කරලා යනවා ..........ඔහොම යනකොට අර සමන්තිත් මං ගැන පොඩි උනන්දුවක් තියෙනවා කියල තේරුනා...........හැබැයි ඒක නම් අම්මට මීටර් වෙල තිබුණේ ...........
.
ඒක නිසා වෙන්න ඕන සමන්ති අපේ ගෙදර ආපු වෙලාවෙ ඉඳල  අම්මගේ ඇස්දෙක තිබුණේ මං දිහාට යොමුවෙලා .........

ඔහොම ටික දවසක්  ගිහින් මං ආච්චීගේ ගෙදර ගියා.....මෙන්න බොලේ  එක පාරම පුංචි  ඇහුවෙ නැතෑැ ඇත්ත කියාපිය කවුද නිමාලි කියන්නෙ......

නිමාලි කියන්නේ අල්ලපු ගෙදර කෙල්ල .....
මං උත්තර දුන්නා ......

Thursday, August 30, 2018

නාම ගෝත්‍රය

පුංචි අම්මා නිමාලි ගැන මගෙන් ප්‍රශ්න කලේ හරියට හතර වෙනි තට්ටුවට කුදලගෙන ගිය අපරාධකාරයෙක් ගෙන් වගේ...........

උඹ අල්ලපු ගෙදර නිමාලි එක්ක යාලුයි නේද ....පුංචි මගෙන් අහන්නේ සියලු සාක්ෂි සහිතව අල්ලාගත් සැකකරුවකුගෙන් වගේය...

ඔය වෙලාවෙ ආච්චි කොහෙද ඉඳලා ටකපය ඇන ඇන එතෙන්ට ආවා.........උන්දැටත් ඕන් නැති කෙහෙම්මලකුත් නැහැ ........

""මොකෑ වෙලා තීන්නෙ....""" ආච්චි ඇහුවෙ පුංචි ගෙන්............

මෙයාගෙ  අල්ලපු ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලුයි කියල මට කටුනායක ගිය වෙලාවෙ ආරංචි උනා.......ඒකයි අහන්නේ .......පුංචි කිව්වා .........

""" ආ.........ඕක මටත් තේරිලා තිබුණේ .....මං ඉතින් සද්ද නැතුව හිටියා .......මෙයා ඉස්සරහ දොරකඩට වෙලා ඉවත බලාගෙන ඉන්න කොට
මට හිතුන මෙතන මොකක් නමුත් හොරයක් තියෙනවා කියල .......

මං ඒත් ලොක්කිට කිව්වෙ නැහැ ......කිව්වා නම් මූට ගහයි කියල .........ආච්චි කියපි.....😂😂😂😂😂

මෙයා හිතන්න ඇති මට ඕවා පේන්නෙ නැහැ කියල .............මගෙ අතේ බණ පොත තිබුනට මයෙ ඇස් දෙක හොඳට විපරමෙන් ඉන්නෙ හතර වටේ මොකද වෙන්නෙ කියල ............
😂😂😂

ආච්චි තමන් ගැනම පොරටෝක් දෙමින් වර්ණනා කරන්නේ  මෙම සමූහයේ සිට මට හමුවූ  දැනට හැංගී ඉන්න ලොන්ත නම්කි බබා මෙන් ය....

දැන් මොකද කියන්නේ මෙන්න සාක්කි එක්කම තියෙනවා ....පුංචි උඩපනින්නේ මෙලෝ හසරක් නොදන්නා ආච්චි එයාගෙ ගොඩපෙරකදෝරුවෙක් මෙන්  පුංචි ගේ පැත්‍තා කතා කරන නිසාය.......😂😂😂

නිමාලි විතරක් නෙමෙයි ඒකිගෙ ළමයින් තුන්දෙනෙක් ඉන්න අක්කාද මට ලයින් දැමීමට එන බව කියන්නට ගොස් යන්තම් කටතද කර ගත්තේය........😂😂

ආච්චිගේ කියවිල්ල නවතින්නේද නැත......
ෆුල්ටෝස් පන්දුවකට ඉදිරියට පැන හයේ පහර ක් එල්ල කරන ක්‍රීඩකයකු මෙන් ආච්චි වරින් වර මැද්දට පැන මට එරෙහිව කතා කරයි....

"""" මේ ගෙදර ඔයිට වැඩිය ඉලන්දාරි පස් දෙනෙක් උන්නා.....උන්ටත් බැරි ඉනා මයෙ කනෙන් රිංගන්න ....😂😂😂😂 ආච්චිගේ පොර ටෝක් දීමේ ඉවයක් නැත......

කෙසේ හෝ මේ ගින්න ඇවිලු එකා සොයා ගැනීම මගේ ඊලඟ බලාපොරොත්තුව විය...

කවුද කාන්ති පුංචිට ඔය කතාව කිව්වෙ ...
මං ඇහුවෙ මේක කියපු එකාට හොඳ පාඩමක් උගන්වන බලාපොරොත්තු වෙනි........

""" මට කිව්වෙ නිලුවා """  පුංචි කිව්වා ...
එතකොට තමයි මේ අවුලෙ විස්තරේ මං දැනගත්තෙ.......

පුංචි බැඳල හිටපු බාප්පගේ නංගිගේ දුව තමයි නිලු කියන්නේ ........එයයි නිමාලියි පාසැලේ එක පංතියේ යාලුවො .......නිමාලි ඉස්කෝලෙ ගිහින් කියල අපේ අල්ලපු ගෙදර අයියා කෙනෙක් ඉන්නවා ....

එයාගෙ නම @#$% එයාගෙ අම්මගෙයි  තාත්තාගෙයි රැකියාව @#$$& එයා මං එක්ක යාලුයි කියලා.......😂😂😂

"""" ඉතින් පංතියේ උන මේ කතාව නිලූ ගිහින් අපේ පුංචිට කියල ......හැබැයි පුංචි එවෙලෙමෙ කිව්වලු අපේ අක්කා එක්ක ඕවා කරන්න හම්බවෙන්නේ නැහැ කියල .......

පස්සෙ දවසක අපේ අම්මා ගෙමේ ගිය වෙලාවෙක පුංචි කියල තිබුනා මං නිමාලි කියල අල්ලපු ගෙදර කෙල්ලෙක් එක්ක යාලුයි කියල .......

මං ගැන අම්මා තරම්  හොඳට දන්නෙ කවුද ඉතින් .......ඔහෙ එහෙම දෙයක් නැහැ......හැබැයි එහා ගෙදර කෙල්ල නම් අපේ ගෙදරට බැල්මදානවා කියල අම්මා කියලා......

ඒකෙන් මගේ නාම ගෝත්‍රය රැකුනා...😂😂😂