Saturday, August 25, 2018

තීරණය කරනවා සියදිවි නසාගන්න



ගමේ පිරිමි දෙන්නෙක් අශෝකයට ගහල නෝන්ඩි උනාට පස්සෙ පුංචිගේ දුවට හරි දුකයි..........

එයා තීරණය කරනවා සියදිවි නසාගන්න ....
එහෙම හිතල  ලිපියක් ලිව්ව..... මෙහෙම ..

මං යාලුවෙලා ඉන්න අයියට ගමේ අයියලා දෙන්නෙක් ගහපු නිසා මං දිවිනසා ගන්නවා කියල ..........

මේක පුංචිට අහුවුණා ..........දැනගත්තා සිද්ධියේ බරපතළකම ........

බැරිවෙලාවත් කෙල්ල දිවිනසා ගත්තොත් අසෝකයට ගහපු උන් දෙන්න පොලිසියෙන් ගෙනියනවා......ඊට පස්සෙ ගමේ මිනිස්සු තරහා වෙනවා............

කොයිකටත් කියල කෙල්ලගේ කේන්ද්‍රය අරන් ගියා ජ්‍යෝතිශවේදියෙක් ලඟට .......

උන්නැහේ කියනවා මේ ලමයා හිතුවක්කාර විවාහයක් තමයි කරගන්නේ කියල ........ඒකට ඉඩදෙන්න කියල ..........නැති නම් තව වින්නැහියක් කරගත්තොත් එහෙම ...........

පුංචි හිත හදාගෙන කැමැත්ත දෙනවා......දෙන්නගේ සම්බන්ධයට..........ඒ වගේම අසෝකයට ගෙදර එන්න අවසර ලැබෙනවා ........

ඒ ගැහැනු ලමයා සාමාන්‍ය පෙල විභාගය ලියන්න ඉන්න අවුරුද්ද.........

පුංචි කැමැත්ත දුන්නට ආච්චි හිටියේ අශෝකයා ගැන පුදුම කේන්තියකින් .......

දවසක් මං ගිහින් ඉන්නකොට ආච්චි කියනවා

""අර වඩක්කයා මේ අහිංසක කෙල්ල රවට්ටගෙන ......තව රෑට ඇවිත් මේ සාලෙ මැද්දෙ දපනවා මං පුදුම ඉවසිල්ලකින් ඉන්නේ ...... ..

මං කොයි වෙලාවක හරි ඕකට හොඳ වැඩක් කරනවා කියල ......."""

ජීවිතේ පලමු වතාවට වඩක්කයා කියන වචනය අහපු මට මාර චූන් එකක් ආවෙ.....
😂😂😂😂

ගමේ අම්මෙ මොකක්ද වඩක්කයා කියන එකේ තේරුම.........මං ඇහුවා ........

වඩක්කයා කියන්නේ ඔය වගේ එවුන්ට තමයි .....කිසිම කඩවසං පෙනුමක් නැහැ ......

පේන් නැද්ද ඌ ඇවිදින හැටි ඕකා ඇවිදිද්දී අත මේම කැරකෙනවා කියල අත කරකවලාත් පෙන්න්නුවා.....😂😂😂😂

උස මහත නැති කාලගෝලයො වගේ උන්ට තමයි වඩක්කයා කියන්නේ කියල උන්දැ කිව්වා ...........

ගමේ අම්මා දැන් ඌට මොකද කරන්න ප්ලෑන් කරන් ඉන්නේ කියල මං නිකමට ඇහුවා......

කොහොමත් තමුන්ගෙ ආරස්සාව තමුන් සලස ගන්න එක හොඳයි නෙ.....😂😂😂☺️

ඔය වේ#ගෙ පුතා ඇවිත් මෙතන සාලෙ දපල ඉන්න වෙලාවක මං දොරට දාන පොල්ල අරන් ඕකගෙ ඔලුව පොඩි වෙන්න ගහනවා කියල ආච්චි කිව්වෙ නැතෑ.....😂😂😂

"" ඕකා දන්නෑ මයෙ හැටි........මං නාකි ගෑණි කියල ඕකා හිතාගෙ ඇති .......මේ ගෑණි ඒ තරන් හොඳ ගෑණියෙක් නෙමෙයි.........මං කහටගහවත්තෙ ගෑණියෙක්........

ඕකගේ ඔලුව පොඩි වෙන්න දොර පොල්ලෙන් ගහල මං පොලිසියට ගිහින් ""ඉස්පැට්ටර් ""
මහත්තයට බාර වෙනවා ....කිව්වා .......

"" මං සිල් ගත්තට ඕකට නම් සීලෙ පැත්තකින් තීලා ගහනවා කිව්වා ""😂😂😂😂

මං ඒ දවස්වල නිතරම ආච්චිගේ ගෙදර යන නිසා මට මගේ ආරස්සව ගැන බයක් ඇති උනා😂😂😂😂😂

මොකද බැරිවෙලාවත් රෑ ආච්චි අසෝකයා කියල හිතල මගේ ඔලුවට දොර පොල්ලෙන් ගහයි කියල මට හිතුනා......😂😂😂

කියන්න බැහැනෙ උන්දැගේ ඇස්පෙනීමත් දුර්වලයි.......

මගේ නරක වෙලාවට එහෙම දෙයක් උනොත් කියල හිතිලා......මට දාඩිය ටිකකුත් දාලා චූ බරකුත් හැදුනා........😂😂😂

මං ආච්චිගේ කණට ලංවෙලා කිව්වා........
ගමේ අම්මෙ ඔයා අසෝකයට ගැහුවට කමක් නැහැ ......

හැබැයි මං මෙහෙ ඉන්න දවස්වලට ඒක කරන්න එපා........ඔයා බැරිවෙලාවත් අසෝකයා කියල හිතලා මගේ ඔලුවට  දොර පොල්ලෙන් කෙලියොත් ඒම......එපා කියන්නයැ........😂😂😂

ඔයා ඒක මං ඉන්න දවස් වලට කරන්න එපා කියල කිව්වා ........හැබැයි අපරාදෙ කියන්න බැහැ උන්දැ ""හා "" කිව්වා .....😂😂😂😂

1 comment: