Friday, August 24, 2018

ආච්චි මට ගෙනාපු මංගල යෝජනාව

අල්ලපු ගෙදර අක්කා නංගි ඩබල ගැන කියලා ඉවර උනාම  මතක් උනේ ආච්චි මට ගෙනාපු මංගල යෝජනාව ගැන කියන්න....

ඊට කලින් ආච්චි  දීපු තව ආතල් එකක් කියලම ඉන්නම්කෝ..........😂😂😂

මට වයස 16 විතර කාලෙ ආච්චි අපේ ගෙදර නැවතිලා හිටියා ටික කාලයක්..... ඒ වයසෙ කොල්ලො , කෙල්ලො සිල් අරන් වගේ ඉන්නෙ නැහැන කොහොමත් .......ඉතින් ආච්චිට මල පනිනවා...........දවසක් මං  මොකක් හරි දඟකාර වැඩක් කරලා ආච්චිට හොඳටම මලලා.............

කතා කලා අපේ අම්මට ......

"""  නෝනේ.......නෝනේ ..........ළමයෝ.......මේ කොල්ල කිසිම කමකට නැහැ .......මේකා හැදෙන්නේ  ""මලබොඩ ඊරිය "" වගේ.....😂😂

ඔහොම ලමයි හදලා හරියන්නේ නැහැ .....
බලමුකෝ උඹ මේකා හදයිද කියල ........😂

හැදුවොත් මේං මගේ කණ ""  කියල ආච්චි එයාගෙ කණ අල්ලලා පෙන්නුවා...😂😂😂

ආච්චි බැන්නම අපේ අම්මට ටිකක් අවුල් වගේ....උඹ කරන  පජාති වැඩ නිසා මාත් බැනුම් අහනවා කියල අම්මා මට තග දානවා....

කොච්චර බැන්නත් මට ඒකාලෙ තිබුන ගාය නම් අඩු උනේ නැහැ ........පිංවතුනි.....😂😂

ඒවයසෙ තියෙන  යෞවනයේ පොපියන චමත්කාරය ආච්චි දන්නවයැ....😂😂😂😂
උන්දැගෙ වැඩේ සතිපට්ඨානය කියෝන එක ....

ඒකාලෙ තමයි ආච්චිට කැළණියේ "වරක්" වඳින්න ඕන කියල අමුතු පුපේ අමාරුවක් හැදිලා තිබුනේ..........😂😂😂

ඕං ආයෙත් දවසක් මං මොකක් හරි මගෝඩි වැඩක් කරලා..........ඒක අම්මලා එපා කියපු දෙයක් කරලා.........

ආච්චි එන්ටර් උනා ගේමට......මෙහෙම ළමයි හැදිලා හරියන්නේ නැහැ .......

මේක හරියට "" පයියට ලොකු ගිරේ වගේනෙ "" කියල ආච්චි කිව්වා .......😂😂😂

ජීවිතයේ පලමු වරට අහපු ඒ හරුපෙ නිසා මට හොඳටම හිනා කටිනුයි පුපෙනුයි දෙකෙන්ම.
........ආච්චිට තවත් මල පැනලා.....😂😂

බෝම අමාරුවෙන් හිනාව නවත්තාගෙන ආච්චි ගෙන් ඇහුවා "" මොකක්ද ගමේ අම්මෙ පයියට ලොකු ගිරේ "" කියන්නේ කියල ... 😂😂.

උන්දැ මට ඒක කියල දුන්නා.........වයසක මිනිස්සු ලඟ බුලත් ,පුවක්, දුම්කොල , හුණු කිල්ලෝටෙ , ගිරය , එහෙම දාන මල්ලට කියන්නේ බුලත් පයිය කියල ......

මේ බුලත් දාන පයියට වඩා ගිරය ලොකු උනොත් ඒ ගිරය බුලත් පයිය ඇතුලට දාන්න බැහැනෙ ..........

ඉතින් දෙමව්පියන්ට අකීකරු ලමයින්ට අපේ ආච්චිලා කියන උදාහරණයක් තමයි ඒක......

මතු සම්බන්ධයි .......

ආච්චි ගෙනා මංගල යෝජනාව .....
මීලඟ කොටසින්.........

ආච්චිගේ  කතා    - 16

මට වයස අවුරුදු 16 විතර කාලේ ආච්චි ටික කාලයක් අපේ ගෙදර හිටියා කියල මං කලින් කිව්වා මතක ඇති .............

ඒකාලෙ තමයි ආච්චි කැළණියේ "වරක්" වඳින්න ගියේ........දැන් ඉතින් ආච්චිගේ සර්ධාව උපරිමේට තියෙන්නෙ .......😂😂😂

කොයි වෙලේ බැලුවත් සතිපට්ඨානය පොත තමයි අතේ තියෙන්නෙ ...😂😂කමක් නැහැ ඉතින් උපන්දා සිට කරපු පව් වහල දාන සීන් එකේනෙ ආච්චි ඉන්නෙ ......😂😂

ආච්චි අපිට ටෝක දෙන්නෙත් ධර්මයෙන් තමයි ඕං.....😂😂😂.....

සිල් අරන් කැළණිය පන්සලේ තියෙන බෝසතාණෝ දුෂ්කර ක්‍රියා කල රූපයක් අඹලා තියෙන තැනට ගිහින් උපාසක සෙට් එක භාවනා කරනවලු........

ඒ කාලෙ  උන්දැ හිටියේ සෝවාන් වෙන්න ඔන්න මෙන්න  විදියට .....😂😂
ඇයි ඉතින් උන්දැ ඉන්නේ සර්ධාව පිරිලා ඉතිරිලා රෙද්ද පල්ලෙන් දෝරෙ ගලන විදිහට ...😂😂😂

දවසක්  මොකක් හරි ධර්මය ගැන කතාවක් ඇති වෙලා  බුදුහාමුදුරුවෝ අවුරුදු අසූවෙන් පිරිනිවන් පෑවෙ ආනන්ද හාමුදුරුවෝ කල්පයක් වැඩසිටින ලෙස ආරාධනා නොකලේය........එවිට මාරයා ඇවිත් බුදු හාමුදුරුවන්ට  පිරිනිවන් පාන්නට ආරාධනා කලා කියන තැනට අපේ  කතාව ආවා......

එහෙම කියල ආච්චි හරිම දුක්බරව ,

"" අනේ අප්පොච්චියේ එදා ආරාධනා කලා නම් අදටත් ජීවමානව වැඩ ඉන්නවා නොවැ ""
කියල කිව්වාම මගේ ඇස් උඩ ගොහින් නළලේ නැවතුනා පිංවතුනි 😂😂😂😂😂

කොහෙද එහෙනම්  බුදුහාමුදුරුවෝ ඉන්නෙ කියල මං ඇහුවෙ හිනාව තදකරගෙන...😂😂

"" ඉන්දියාවේ නෙව """  😂😂ආච්චි උත්තර දුන්නා ...

ආච්චි වලිගය පාගගෙන ඉන්නෙ කියලා තේරුම් ගත්තු මං "" ගමේ අම්මෙ බුදු හාමුදුරුවන් එදා පිරිනිවන් පෑවෙ නැති නම් තවත් අවුරුදු හතළිහක් ජීවත් වෙන්නට තිබුනා ......ආයුෂ් කල්පයක් කියන්නේ අවුරුදු එකසිය විස්සකට ........කියල මම ආච්චිව දැනුවත්  කලා........😂😂😂😂

ආච්චි හිතාගෙන ඉඳලා තියෙන්නෙ කල්පයක් කියන්නේ ලෝක විනාශය දක්වා කාලය කියල .....😂😂😂😂

ඕං සර්ධාව දෝරෙ ගලපු ආච්චිගේ දහම් දැනුම
😂😂😂😂😂😂😂😂😂

======================================

ආච්චි මට ගෙනාව මංගල යෝජනාව ගැන දැනගන්න ඔයාලා ආසාවෙන් ඉන්නවා කියල මං දන්නවා.

මේ සිද්ධිය පටන් අන්නෙ මට වයස දහනවයක් විතර කාලෙ ........

අපේ  ආච්චිගේ ගෙවල් වලට පහලින් වෙල්යාය  අයිනෙන් පුංචි ඇළක්  ගලාගෙන යනවා....අහල පහල මිනිස්සු ඒ ඇලෙන් තමයි නාන්නෙ......

ඇළේ වතුර අඩු කාලෙට මිනිස්සු ළිංවලින් තමයි ඒවා කරන්නෙ......ඉතින් අපිත් එහෙම ආච්චිගේ ගෙවල් කිටුව ළිඳකට යනවා නාන්න ..ඒ ළිඳ තියෙන්නෙත් ඇළ අයිනේ...

එයාලා අපේ නෑදෑයන් වෙනවා......ආච්චිගේ  ගෙදර ළිඳෙන් නාන්න බැහැ ගොඩක් ගැඹුරුයි......

දවසක් මං ආච්චිගේ ගෙදර ඉඳලා අපේ එදර එන්න පිටත් වෙලා පාරෙන් එන්නෙ නැතුව වෙල අයිනේ නියර දිගේ අවා......

එනකොට අශෝක එක්ක විවාහ උන පුංචි ගේ දුවයි , පුංචියි, තව සුදු හීන්දැරි කෙල්ලෙකුයි ළිඳේ නානවා......මාව දැකලා පුංචි ගේ දුව අයියේ යනවාද කියල ඇහුවා......

ඒ සුදු ගැහැණු ළමයා මං ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ .....

මාත් ඉතින් ඒකාලෙ හොඳ ඉලන්දාරියා නෙව...
එකපාරටම අර ගැහැණු ළමයා මගේ හිතට ඇල්ලුවා වගේ හැඟීමක් ඇති වුනා...😂😂

පුංචි ගේ දුව එක්ක කතා කලාට මගේ ඇස්දෙක තිබුණේ අර සුදු කොණ්ඩෙ දිග නම්කි ලඟ....😂😂😂😂

කොහොම හරි ගෙදර ආවාට පස්සෙත් මට අර ගැහැණු ළමයා නිතරම මතක් වෙන්න වුනා...

කවුද ඒ කෙල්ල.......කොහෙද ඉන්නෙ.......
කාගේ කවුද........මගේ යොවුන් සිත මට වද දෙන්න උනා .......😂😂😂😂

කොහොම හරි අමාරුවෙන් සතියක් විතර ඉඳලා ආයෙත් ගමේ ගියා....ඒකාලෙ පුංචි ගේ දුවට වයස දහසයක් විතර ඇති .........

කොහොම හරි ආච්චියි, පුංචියි දෙන්න එහෙට මෙහෙට වෙනකන් හොරගල් අහුල අහුල හිටපු මං නංගිට කිට්ටු වුනා..😂😂😂😂😂😂

පොඩි හිනාවක් එහෙම කෙල්ලට දාලා වෙනදා නැති ලෙංගතුකමකින් කතා  කරලා ඇහුවා...

"""නංගි  එදා මං මෙහෙ ඉඳලා යනකොට ඔයාලා එක්ක ළිඳගාව හිටපු ගැහැණු ළමයා කවුද කියල """"

ඇත්තටම ඒ කවුද


No comments:

Post a Comment