Thursday, September 20, 2018

ආච්චීගේ කතා 18


චම්පිකාට හොයන්නෙ රජයේ රැකියාවක් කරන තරුණයෙක් කිව්වම මගේ අහිංසක බලාපොරොත්තු සුනුවිසුනු වෙලා ගියා. චම්පිකා මුලින්ම දැකපු දවසෙ ඉඳලා එයා කාගේ කවුද කියලා දැනගන්න තිබුන උනන්දුව , ඊට පස්සෙ එයාව නැවත දකින බලාපොරොත්තුවෙන් එයාලගේ ළිඳට නාන්න ගියහැටි. එයාව දකින බලාපොරොත්තුවෙන් පුංචි ගේ පුතාට උදව්වට ගිහින් දර පලපු හැටි, සේරම නැවත මතක් වෙනකොට හිතට ලොකු වේදනාවක් ඇතිවුණා.

කොහොම හරි මං නැවත ගෙදර ඇවිත් මගේ ඉගෙනීමේ කටයුතු ආරම්භ කලා. ඒ අතර මම රැකියාවකුත් කලා....දැන් චම්පිකාගේ සිද්ධිය වෙලා අවුරුදු 7,8, විතර ගිහින් ...
එයා ගැන මවපු අනාගත  සුබ සිහින මටත් අමතකවී ගිහින් ...දිනක් මා සේවය කල ආයතනයේ අවශ්‍යතාවයකට කොළඹ ගියා...
නැවත බසයේ එනවිට මගේ ආයතනයෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා.. එහි සේවය කරන අක්කා කෙනෙක් කතා කලේ..

""ඔයාගේ ආච්චී ඔයාව හොයාගෙන ඔෆිස් එකට ආවා. අපි කිව්ව ඔයා කොළඹ ගිහින් කියල . එයා ඔයාගේ මොබයිල්  අංකයක් ඉල්ලුවා .ඔයා කාටවත් දෙන්න එපා කියල තියෙන නිසා දුන්නේ නැහැ .
එයාගෙ අංකය අපි ඉල්ලා ගත්තා"" යැයි කීවාය .

හදිසියේ පාත්වූ ගිනිවිජ්ජුම්බරය මොකක් දැයි බසයේ සිටම මං කල්පනා කලා.... කිසිවක් සිතාගන්නට නොහැකිව ආයතනයට පැමිණි මා සේවය හමාරවී ගෙදර ගොස් සියල්ල අම්මාට කීවේය ..
අම්මා ගේ උපදෙස් අනුව ආච්චී විසින් මගේ ආයතනයට ලබාදී තිබූ අංකයට ඇමතුමක් ගතිමි... එයට ප්‍රතිචාර දැක්වූයේ පුංචි විසිනි...

""ඇයි මාව හොයාගෙන ගමේ අම්මා ආවෙ "' මම ඇසුවේය...
"ඔයාට යෝජනාවක් තියෙනවා " පුංචි කීවාය...
කාගෙන්ද........චම්පිකා ගේ ගෙදරින් ...
පුංචි කීවාය ............

මේ ගැන ඔයාලගේ අම්මා එක්ක කතා කරන්න ඕන ...අම්මට කියන්න මට කෝල් එකක් දෙන්න කියල .....යැයි පුංචි කීවාය ....

මා එවෙලේ  පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් පිනුමකුත් ගසන්නට ඇතැයි ඔබ සිතනවා ඇති ....එහෙත් වසර 7,8 කට පෙර චම්පිකා පිළිබඳව මසිත තුල තිබූ කැමැත්ත කාලයාගේ ඇවෑමෙන් වියැකී ගොස් තිබුණි....

"මං අම්මාට කියන්නම් "කියා පුංචිට පවසා දුරකථනය විසන්ධි කලෙමි....

පසුව සිද්ධිය අම්මාට පැවසූ අතර ඔයා මොකද කියන්නේ යැයි අම්මා ඇසුවාය...
" මං කැමති නැහැ " කවදත් සෘජු තීරණ ගන්නා මගේ පිළිතුර ගැන අම්මා නැවත නැවත ප්‍රශ්න අසන්නට ආවේ නැත...
ඊට දිනකිහිපයකට පසුව පුංචි මගේ ජංගම දුරකථනයට කතා කලාය....

"මොකද ඔයාගේ අම්මා කතා කලේ නැත්තේ , අරහෙන් උත්තරයක් බලාගෙන ඉන්නවා " පුංචි කීවාය

මං අම්මට කියන්නම් කෝල් එකක් ගන්න කියල ....
එදින රාත්‍රියේ  පුංචිට ඇමතුමක් ගත් අම්මා මගේ අකමැත්ත ප්‍රකාශ කලේය ...
එහෙත් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඇය ...

""ඇයි කැමති නැත්තේ මොන තරම් දේපොළ තියෙනවාද ...සේරම ඒ කෙල්ලට.....ඉඩම් අක්කර........කුඹුරු .....
සේරම එයාට ......කවුරුවත් ඇඟිලි ගහන්න එන්නෙ නැහැ ...එයාට ඕන විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ......

පුංචිගේ කතා ශෛලිය දක්ෂ මඟුල් කපුවෙකුගේ වාග් විලාශය දක්වයි.....
එහෙත් මගේ ප්‍රතිචාරයේ වෙනසක් නොමැත.....කිසිදා සිදුනොවන විවාහයක් වෙනුවෙන් වෙහෙසෙන පුංචි පිළිබඳව මා තුල කළකිරීමෙක් මෝදු වෙමින් තිබුණි ....

සාමාන්‍යයෙන් මගේ තීරණ වෙනස් කිරීමට අන්‍යයන්ට නොහැක..
එසේ යම් පමණකින් හෝ කල හැක්කේ අම්මාට පමණකි.....මගේ දැඩි භාවය නිසාම ඇතැම් පුද්ගලයන් මා ඇසුරු කිරීමට අකමැතිය ....එහෙත් ඇතැම්හු ඉතා කැමතිය.....

කෙසේ හෝ සති කිහිපයකට පසුව අම්මා ගමේ ගියාය.....ඒ ආච්චීගේ සැපදුක් විචාරන්නට මෙන්ම, රජයේ රැකියාවක් කරන පුද්ගලයකුට පමණක් විවාහ කරදෙන්නට තීන්දු කරගෙන සිටි චම්පිකාගේ  මංගල යෝජනාවේ ආගමනය පිළිබඳව තොරතුරු සොයා බලන්නටය.....

ගමේ ගොස් පැමිණි අම්මාට අනුව චම්පිකා ගේ මංගල යෝජනාව ආච්චීගේ ගෙදරට ඉදිරිපත් කර තිබුණේ චම්පිකාගේ දෙමාපියන් විසිනි.....
ඒ අනුව ආච්චී විසින් මගේ ආයතනය සොයා පැමිණ, එය ඉදිරිපත් කර තිබුණි.......

කෙසේ වෙතත් එම යෝජනාවට දිගින් දිගින් අපගේ අකමැත්ත පළකලද එය අවබෝධ කරගැනීමේ බුද්ධියක් පුංචි සතුව නොතිබිණි ....

මෙසේ සතියකට වරක් දුරකථන ඇමතුමක් දී සුවදුක් විචාරා අවසානයේ "අරකට මොකද කියන්නේ "" යැයි ඇසීම ඇගේ පුරුද්දක් විය....

මෙම කරදරයෙන් බේරෙන්නට කල්පනා කල්පනා කරමින් සිටි මාහට අපූරු අදහසක් සිත් පහල විය..... එනම් ඇගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදී සිටීමය...මෙලෙස මාස ගණනාවක් පුංචි ගේ දුරකථන ඇමතුම් මඟහරිමින් සිටි මාහට දිනක් ආච්චී බලන්නට ගොස් පැමිණි අම්මා අපූරු තොරතුරක් දුන්නේය.....

Friday, August 31, 2018

අක්කලා මල්ලි බබාලට ආදරෙයි

මට වයස අවුරුදු 16 විතර කාලෙ හොඳ පෙනුමක් තිබුනා.......ඒක තව ඔප්නංවන්න සතියකට සැරයක් කහ,සුදු හඳුන්, එහෙම ගලගාලා මුහුණට හොඳ සාත්තුවකුත් දෙනවා....ඩෙනිම ගහලා ,ටී ෂර්ට් කෑල්ලක් දාගෙන , හොඳ සෙන්ට් පාරක් ගහලා තමයි ඉතින් ගෙදරින් එළියට බහින්නෙ ...........

ඒ වෙලාවට අම්මට උනත් හිතෙන්න ඇති මං එහෙම කිටමරලා යන්නෙ කෙල්ලෙක් හම්බවෙන්න ඇති කියල .........

එක අතකින් අම්මට එහෙම හිතෙන එකත් සාධාරණයි. ඒකාලෙ මගේ තිබුන කැටයම් ඇම්බැක්කෙ දේවාලයේ වත් තියෙන්න නැතුව ඇති ........
😂😂😂

ඔය කාලෙ මට වඩා අවුරුදු පහක් වැඩිමහල් ලස්සන අක්කි බබෙක් ගේ විශේෂ ඇල්ම බැල්ම මං දිහාට යොමුවුණේ .......
අක්කලා මල්ලි බබාලට ආදරෙයි කියල මට ඒකාලෙ තමයි තේරුණේ .......😂😂😂

කොහොම උනත් අම්මට ටිකක් තේරුම් ගිහින් තිබුනත් අම්මා නිහඬව හිටියේ මං පොඩි එකා නිසා වෙන්න ඇති ............

ඔය කාලෙම තමයි අපේ අල්ලපු ගෙදරට පවුලක් පදිංචියට ආවෙ........පුංචි දරුවො තුන් දෙනයි අම්මයි තාත්තයි........ඒ කාන්තාවට වයස 31 විතර , එයාට සමන්ති කියල හඳුන්වන්නම්.........එයාගෙ බාල නංගීත් ඒ ගෙදර  නැවතිලා පාසැල් ගියා........එය මගේ වයසෙ.........එයාගෙ නම නිමාලි........

ටික දවසක් යනකොට තේරුනා ඒ නිමාලි මං ගැන උනන්දුවක් තියෙනවා කියල ........
මේ කෙල්ලගේ වැඩේ අපේ ගෙදර දිහා බලන් ඉන්න  එක.......මේකි ඉස්කෝලෙ යන්න පිටත් වෙන්නෙත් , පංති යන්නෙත්, කොටින්ම මිදුලට වෙලා අක්කගේ ඔලුවෙ උකුනො ලන්නෙත් අපේ ගේ පැත්තට හැරිලා......😂😂😂

මේක මට මාරම අවුල් , ඇයි අපේ අම්මට මීටර් උනොත් මං විනාසයි........ නිමාලි ගෙ වැඩේ අපේ ගේ පැත්තට ඇන්ටනාව දාගෙන ඉන්න එකමයි.......අපේ ඉස්සරහ දොරකඩට ආපු ගමන් කෙලින්ම පේන්නේ එයාලගේ ගෙදර ......මට ඒක විශේෂයෙන් බලන්න ඕන නැහැ , නිකන්ම පේනවා .......

දවසක් ඒ නිමාලි වැට ලඟට ඇවිත්
 ""තුසිත අයියේ.......කියල කතා කලා......මං ඉතින් ඇයි කියල ඇහුවා ....

අයියේ ඔයා ගාව O/L පාස්ට් පේපර්ස් තියෙනවා ද කියල ඇහුවා.........මං ලඟ තිබුණා හොයලා  කිව්ව .....ඔය කාලෙ ආච්චී අපේ ගෙදර ඇවිත් හිටියේ........

මේ අතරේ නිමාලි ගේ අක්ක සමන්ති ත් ටිකක් අපේ අම්මා එක්ක හිතවත් වෙලා ....ඉඳ හිට අපේ ගෙදර ඇවිත් ටික වෙලාවක් කතා කරලා යනවා ..........ඔහොම යනකොට අර සමන්තිත් මං ගැන පොඩි උනන්දුවක් තියෙනවා කියල තේරුනා...........හැබැයි ඒක නම් අම්මට මීටර් වෙල තිබුණේ ...........
.
ඒක නිසා වෙන්න ඕන සමන්ති අපේ ගෙදර ආපු වෙලාවෙ ඉඳල  අම්මගේ ඇස්දෙක තිබුණේ මං දිහාට යොමුවෙලා .........

ඔහොම ටික දවසක්  ගිහින් මං ආච්චීගේ ගෙදර ගියා.....මෙන්න බොලේ  එක පාරම පුංචි  ඇහුවෙ නැතෑැ ඇත්ත කියාපිය කවුද නිමාලි කියන්නෙ......

නිමාලි කියන්නේ අල්ලපු ගෙදර කෙල්ල .....
මං උත්තර දුන්නා ......

Thursday, August 30, 2018

නාම ගෝත්‍රය

පුංචි අම්මා නිමාලි ගැන මගෙන් ප්‍රශ්න කලේ හරියට හතර වෙනි තට්ටුවට කුදලගෙන ගිය අපරාධකාරයෙක් ගෙන් වගේ...........

උඹ අල්ලපු ගෙදර නිමාලි එක්ක යාලුයි නේද ....පුංචි මගෙන් අහන්නේ සියලු සාක්ෂි සහිතව අල්ලාගත් සැකකරුවකුගෙන් වගේය...

ඔය වෙලාවෙ ආච්චි කොහෙද ඉඳලා ටකපය ඇන ඇන එතෙන්ට ආවා.........උන්දැටත් ඕන් නැති කෙහෙම්මලකුත් නැහැ ........

""මොකෑ වෙලා තීන්නෙ....""" ආච්චි ඇහුවෙ පුංචි ගෙන්............

මෙයාගෙ  අල්ලපු ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලුයි කියල මට කටුනායක ගිය වෙලාවෙ ආරංචි උනා.......ඒකයි අහන්නේ .......පුංචි කිව්වා .........

""" ආ.........ඕක මටත් තේරිලා තිබුණේ .....මං ඉතින් සද්ද නැතුව හිටියා .......මෙයා ඉස්සරහ දොරකඩට වෙලා ඉවත බලාගෙන ඉන්න කොට
මට හිතුන මෙතන මොකක් නමුත් හොරයක් තියෙනවා කියල .......

මං ඒත් ලොක්කිට කිව්වෙ නැහැ ......කිව්වා නම් මූට ගහයි කියල .........ආච්චි කියපි.....😂😂😂😂😂

මෙයා හිතන්න ඇති මට ඕවා පේන්නෙ නැහැ කියල .............මගෙ අතේ බණ පොත තිබුනට මයෙ ඇස් දෙක හොඳට විපරමෙන් ඉන්නෙ හතර වටේ මොකද වෙන්නෙ කියල ............
😂😂😂

ආච්චි තමන් ගැනම පොරටෝක් දෙමින් වර්ණනා කරන්නේ  මෙම සමූහයේ සිට මට හමුවූ  දැනට හැංගී ඉන්න ලොන්ත නම්කි බබා මෙන් ය....

දැන් මොකද කියන්නේ මෙන්න සාක්කි එක්කම තියෙනවා ....පුංචි උඩපනින්නේ මෙලෝ හසරක් නොදන්නා ආච්චි එයාගෙ ගොඩපෙරකදෝරුවෙක් මෙන්  පුංචි ගේ පැත්‍තා කතා කරන නිසාය.......😂😂😂

නිමාලි විතරක් නෙමෙයි ඒකිගෙ ළමයින් තුන්දෙනෙක් ඉන්න අක්කාද මට ලයින් දැමීමට එන බව කියන්නට ගොස් යන්තම් කටතද කර ගත්තේය........😂😂

ආච්චිගේ කියවිල්ල නවතින්නේද නැත......
ෆුල්ටෝස් පන්දුවකට ඉදිරියට පැන හයේ පහර ක් එල්ල කරන ක්‍රීඩකයකු මෙන් ආච්චි වරින් වර මැද්දට පැන මට එරෙහිව කතා කරයි....

"""" මේ ගෙදර ඔයිට වැඩිය ඉලන්දාරි පස් දෙනෙක් උන්නා.....උන්ටත් බැරි ඉනා මයෙ කනෙන් රිංගන්න ....😂😂😂😂 ආච්චිගේ පොර ටෝක් දීමේ ඉවයක් නැත......

කෙසේ හෝ මේ ගින්න ඇවිලු එකා සොයා ගැනීම මගේ ඊලඟ බලාපොරොත්තුව විය...

කවුද කාන්ති පුංචිට ඔය කතාව කිව්වෙ ...
මං ඇහුවෙ මේක කියපු එකාට හොඳ පාඩමක් උගන්වන බලාපොරොත්තු වෙනි........

""" මට කිව්වෙ නිලුවා """  පුංචි කිව්වා ...
එතකොට තමයි මේ අවුලෙ විස්තරේ මං දැනගත්තෙ.......

පුංචි බැඳල හිටපු බාප්පගේ නංගිගේ දුව තමයි නිලු කියන්නේ ........එයයි නිමාලියි පාසැලේ එක පංතියේ යාලුවො .......නිමාලි ඉස්කෝලෙ ගිහින් කියල අපේ අල්ලපු ගෙදර අයියා කෙනෙක් ඉන්නවා ....

එයාගෙ නම @#$% එයාගෙ අම්මගෙයි  තාත්තාගෙයි රැකියාව @#$$& එයා මං එක්ක යාලුයි කියලා.......😂😂😂

"""" ඉතින් පංතියේ උන මේ කතාව නිලූ ගිහින් අපේ පුංචිට කියල ......හැබැයි පුංචි එවෙලෙමෙ කිව්වලු අපේ අක්කා එක්ක ඕවා කරන්න හම්බවෙන්නේ නැහැ කියල .......

පස්සෙ දවසක අපේ අම්මා ගෙමේ ගිය වෙලාවෙක පුංචි කියල තිබුනා මං නිමාලි කියල අල්ලපු ගෙදර කෙල්ලෙක් එක්ක යාලුයි කියල .......

මං ගැන අම්මා තරම්  හොඳට දන්නෙ කවුද ඉතින් .......ඔහෙ එහෙම දෙයක් නැහැ......හැබැයි එහා ගෙදර කෙල්ල නම් අපේ ගෙදරට බැල්මදානවා කියල අම්මා කියලා......

ඒකෙන් මගේ නාම ගෝත්‍රය රැකුනා...😂😂😂

Tuesday, August 28, 2018

පඳුරි


චූටි මාමා එයාගෙ ගෙදරින් ආව බලපෑම් එක්ක කාමරයක් කුලියට ගෙන ඇය එක්ක ජීවිතය පටන් ගත්තා කියල මං ඊයේ කිව්ව ....හැබැයි මාමා වැඩිය හිටියේ මහ ගෙදර ....ඔහොම ටික දවසක් යද්දී අර කාන්තාව අම්මා කෙනෙක් වීමේ ලක්ෂණ පහල උනා....ඕනෑම විවාහක යුවලකට දරුවකු සම්පතක් උනත් මොවුන්ට එය ජීවිතයේ ලොකුම බාධකය උනා......ඒ සඳහා මොවුන්ගේ විසඳුම උනේ මෙලොව එළිය දකින්නට පෙරුම් පුරමින් තමාගේ කුසේ වැඩන දරුවා විනාශ කිරීම.......

දුරදිග නොසිතා පෙම් සබඳතා ඇති කර ගැනීම , මහ එවුන්ගේ කුල භේදය නිසා අවසානයේ නූපන් බිළිඳකුට ජීවිතය අහිමි උනා.......ඉන්පසු තමන් මෙලොව විශාලතම කරදරයෙන් බේරුනු බව හිතපු මේ වෘෂභ යුවළ ටික දිනක් ප්‍රීති ප්‍රමෝදයෙන් හිටියා ....
ටික කලකින් මොවුන්ගේ සතුට නිමාකරමින් නැවතත් අර කාන්තාව ගැබිණියක් උනා.........

ටික දිනකින් මොවුන්ගේ විසඳුම වූයේ කලින් අවස්ථාවේ ගත් ක්‍රියාමාර්ගය ගැනීමටයි .....
එහෙත් ඇය පරීක්ෂා කල වෛද්‍යවරයා දැන් කල්ගත වී ඇති නිසා කිසිදෙයක් කරන්න බැහැ කිව්ව .......අවසානයේ විකල්පයක් නොමැති තැන මේ යුවළ සියදිවි නසාගන්නට තීරණය කලා......ඊට කලින් මාගේ තාත්තා හමුවූ මාමා ඔවුන්ගේ තීරණය ගැන කියා ඔවුන්ගේ ගැටලුවට උදව්වක් ඉල්ලා තියෙනවා




දෙවෙනි වතාවේ ආපු දරුගබ විනාශ කරන්න නොහැකි නිසා දිවිනසා ගැනීමට තීරණය කල ඔවුන් දෙදෙනා ඒගැන අපේ තාත්තාට කිව්ව කියල කලින් කොටසෙ කිව්වා...........

තාත්තාට තනියම තීරණයක් ගන්න බැරි නිසා ඒ ගැන අපේ අම්මා එක්ක කියල තියෙනවා ...
කුඩා කාලයේ ඉඳල පිනට දහමට ලැදි , පවට බය , ධර්මානුකූල ජීවිතයක් ගෙවන අම්මා  ""දරුවා ලැබුනාම අපිට දෙන්න අපි හදාගන්නම්""  යැයි කියල තිබුණා . මගේ දෙමාපියන්ට උවමනා උනේ විනාශ කරන්න යන දරුවාගේ ජීවිතය බේරා දෙන්න .....
දරුවා භාර ගැනීමට අපි ඉන්න නිසා ඒ දෙන්නා දරුවා ලැබෙන තෙක් සැනසීමෙන් හිටියා .....

මේ සිදුවීම් කිසිදෙයක් මගේ අම්මා තාත්තා හැර අපේ පරම්පරාවේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ .......

මේ අතරේ වරින් වර ආච්චී , සීයා එහෙම අපේ ගෙදර ඇවිත් යන්න එනවා .....දවසක් ආච්චීට චූටි මාමා ගේ භාර්‍යාවගේ අම්මා ටවුන් එකේදී හමුවෙලා තියෙනවා .......ඒ ගැන ආච්චී අපේ අම්මා එක්ක මෙහෙම කිව්ව ......

""" අර මහ පැද්දි මට ටවුන් එකේදී හම්බවුණා .......කොහෙද මාව දැකපු ගමන ඒ කඩවනච්චි වේ#  😂😂 ඉක්මනින් කොහෙට හරි රිංගුවා...........මං ඕකි හම්බවෙනකන් හිටියේ .......ආයෙ අහුවෙනැතෑ""""

මාමා ගේ සම්බන්ධය නිසා අපේ පවුලේ අය හිටියේ පුදුම කේන්තියෙන් .......

"""ඔය පඳුරිද ඔය පඳුරි දන්නෙනෑ මගේ හැටි අහු උනොත් හොඳ වැඩක් කරනවා """
කියල ආච්චී නිතරම කිව්ව ........

ඔහොම කාලය ගතවෙලා  දසකඩ මාසය මාසයක් ගතවෙලා මේ යුවළ පින්වත් පුත් කුමරෙක් බිහිකරනවා පින්වතුනි......

ඒ එක්දහස් නවසිය අනූ හතරේ මාර්තු මාසයෙදි.........ටික දවසකට පස්සෙ ඒ දෙන්න දවසක් උදේ ඒ පුංචි මල්ලි අරන් අපේ ගෙදර ආව.....ඇත්තටම ලස්සන බබෙක්..

ටික වෙලාවකින් ඒ දරුවා අපේ අම්මා අතට දීල මහ හඬින් අඬා වැලපිලා අපේ අම්මට වැඳලා ගියා.....

එයා එදා ඉඳල රැකියාවකට යනවා කියල තමයි ගියේ .....හැබැයි ඒ දෙන්න දවස් දෙකකින් හවසක ආයෙ ආව..........ඒ දරුවගේ අම්මාගේ ඇඳුමේ පපුව හරිය තෙත් වෙලා තියෙනවා මං දැක්කා .......මං පොඩි නිසා ඒගැන වැටහීමක් තිබුණේ නැහැ ......ඒ කාන්තාවට කිරි එරිලා කියල තමයි දරුවට කිරි දෙන්න ඇවිත් තිබුනේ........

අපේ අම්මා, තාත්තා , ඒ මල්ලිට ගොඩක් බඩු ගෙනාවා .......සහෝදර සහෝදරියන් නැති මට හරි සතුටක් දැනුනා......මල්ලිට දෙයක් අරන් දෙන්න මං ලඟ සල්ලි නැති නිසා පහේ කාසි එකතු කරපු මගේ ප්ලාස්ටික් කැටය කඩලා මල්ලි වහන්න  නෙට් එකක් මං තාත්තා එක්ක ගිහින් ගෙනාවා.......

සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ට අවශ්‍ය දේවල් නිල්පාටින් ගන්නෙ ....ඒත් මං රෝස පාට නෙට් එකක් ගත්තේ....😂😂😂

කොහොම හරි අපේ අම්මලා ඒ මල්ලිට උපරිමයෙන් සැලකුවා......වෙනිවැල්ගැට එහෙම තම්බලා නාවනවා මට මතකයි...
මට තනියම වඩා ගන්න දෙන්නෙ නැහැ බිම අතහරී කියල ....මං මල්ලී පොඩි කරනවා කියල අම්මා නිතරම කෑගහනවා..😂😂

මේ අතරෙ මල්ලිගේ අම්මයි තාත්තායි එනවා ......අපේ හිතවත් අය කිව්වෙ එයාලට ගෙදර එන්න දෙන්න එපා කියල .....ඒත් අපේ අම්මා එහෙම කලේ නැහැ , එයාලට ඕන උනේ දරුවා අයිතිකරගන්න නෙවෙයි ....එයාගේ ජීවිතය බේරන්න...

දවසක් මල්ලිගේ අම්මා ඇවිත් ඉන්න වෙලාවක අපේ පුංචි ආවෙ නැතෑ......ඒ පුංචි ගේ දුව තමයි පසුකාලෙක අසෝකයා බැන්දේ....
අපේ කට්ටියට තරු විසිඋනා.......

ඒ වෙලාවෙ අපි  හොඳටම හිතවත්  අක්කා කෙනෙකුයි එයාගෙ අම්මයි අපේ ගෙදර ඇවිත් හිටියා . එයාලත් මේ හුටපටය දන්නවා...

පුංචි මිදුලේ ඉන්න කොට මාමා ගේ භාර්‍යාව ගෙට රිංගුවා මටවත් හොයාගන්න බැහැ .....
කොහොම හරි තේ එහෙම දීලා අම්මා පුංචිව ඉක්මනින් පිටත් කරලා යැව්වා......

ටිකකින් පොඩි එකාගෙ අම්මා එළියට ආවා....හරියට හුඹහෙන් ඇදලා අරන් වගේ ...
කොහෙද හිටියේ ....අම්මා ඇහුවා ....
අපේ ගෙදර ඇවිත් හිටපු අක්කා එයාව ගෙනිහින් කාමරේක දොර මුල්ලෙ හංගලා පැඳුරක් අරන් ඒක රවුමට අරයගේ වටේ ඔතලා...😂😂😂😂

ඉතින් කොහේ හොයන්නද.........හැබැයි එදා එයාව පුංචිට අහුවුණා නම් නෙලනවා නෙලිල්ලක් රිඹෙන් යන්න....අපේ අම්මටත් බැනුම් අහන්න වෙනවා.........

ඔය විදිහට අපි මාස කිහිපයක් දරුවා හැදුවට පස්සෙ එයාලට දරුවා ඕන කිව්ව ......
ඉතින් අපි දුන්නා......

ඒ දරුවා නැති දුකට අපේ අම්මා දවස් ගාණක් හැඬුවා මට මතකයි .....පස්සෙ දෙමාපියන් දමා ගිය දරුවෙක් හදාගන්න ගේන්න තාත්තා රෝහලට ගිහින් බලා ඇවිත් ඒසේ දමාගිය දරුවන් තුන් දෙනෙක් ඉන්නවා කියල කිව්ව .......ඒත් රෝහලෙන් දරුවෙක් ගැනීම ක්‍රියාත්මක උනේ නැහැ ......

මේ සිද්ධියට සම්බන්ධ මල්ලි දැන් අවුරුදු විසි හතරක කඩවසම් තරුණයෙක් ...
පෙම්වතෙක්...එයාට අවුරුදු දහනමයක මල්ලි කෙනෙක් ඉන්නවා...

දැනුත් ඉඳහිට මේ සිදුවීම් මතක්  කරද්දී
"" ඒ දරුවගේ ජීවිතය බේරපු පිනම මට ඇති කියල අම්මා කියනවා""""

අපේ විවාහ මංගල්‍යය වලට එයාලට ආරාධනා කරන්නේ නැහැ .....ඉඳහිට මාමා ඥාතීන්ගේ ගෙවල් වලට ඇවිත් යනවා .....

Monday, August 27, 2018

පදු කි&බ

කොහොම හරි චූටි මාමගේ පලමුවෙනි ලව දේවාල ගානෙ ගිහින් එහෙම කැඩුවා .........

ඊට පස්සෙ පවුලේ අයට ඕන උනා මාමා ට කසාදයක් කරල දෙන්න ........දැන් ඕන් මඟුල් හොයනවා හැමතැනම .........

ආච්චී ලා ගෑනු ,පිරිමි, හොයද්දී අපි වගේ සියල්ල එක්තැන් කරලා හොයන්නෙ නැහැනෙ ...........

එහෙම දැනුමක් ,අවබෝධයක් එයාලට නැහැ  ..........එයාලා  බලන්නේ අතපය හතරයි, ඔලුවයි, පරම්පරාව ගෙනියන්න ඕන ගැජට් එකයි විතරයි ..........

කොටින්ම කියනවා නම් කොල්ලෙකුට ස්ත්‍රී ලිංගයක් හොයලා දෙන එකයි , කෙල්ලෙකුට පුරුෂ ලිංගයක් හොයලා දෙන එකයි , විතරයි  එයාලා හිතන්නේ ..........

සමාජ තත්ත්වය , අධ්‍යාපන මට්ටම , වෘත්තිය , පෙනුම , වගේ දේවල් වලට  එයාලගේ අවධානයක් නැහැ .....

ඔහොම ටික දවසක් යද්දි මාමා කලින් කෙල්ලගේ නම්කි එක්ක පැටලුනා කියල මං ඊයේ කිව්වනෙ...............

දැන් ඔන්න ආයෙත් ආච්චි ගේ ගෙදර යුද්ධ ප්‍රකාශ කරල ...........ඒත් කෙල්ලගේ ගෙදරින් සද්දයක් නැහැ .....

එයාලා කැමතියි........එයාලට ඕන වෙලා තිබුනෙ කොහොම හරි කෙල්ලෙක් මාමගේ කරේ එල්ලන්න............

නැවතත් ඉනා බෙහෙතක් දීල තමයි කියල දේවාල ගානෙ මාමාව අරන් යනවා...........

එහෙම ගෙනියන්න පොරව අල්ලගන්න එක හරිම අමාරුයි............මග ඇරල යනවා......

මාමා යාලුවෙලා හිටපු කෙල්ල වැඩකලේ කටුනායක ගාමන්ට් එහෙක...........මාමා එයාව බලන්න එනකොට  සතියකට දවස් දෙකක් විතර අපේ ගෙදරත් එනවා.............

අත්දිග කමිසයක් ඇඳලා...........ඒකෙ අත්දෙක චුට්ටක් නමලා එහෙම , නහය කඩාගෙන යන්න සෙන්ට් පාරක් එහෙම ගහගෙන තමයි පොර එන්නේ .............

එහෙම ආපුවාම අපේ අම්මා අහනවා  උඹ කොහේ යන ගමන්ද කියල .....මං මේ යාලුවෙක් හමුවෙන්න යනවා කියල පොර ආපසු යනවා .........

මාමා ගියාට පස්සෙ අම්මා හිනාවෙල කියනවා ඕක ගියේ අර පැද්දී බලන්න තමයි කියල ....😂😂😂

පහත් කුලයේ ගෑණියෙක් ආච්චීගේ ගමට ගේන්න කවදාවත් බැරි බව මාමා දන්නවා .......
ගමෙන් කොන්වෙන බව එයාට තේරිල තිබුණේ ............

පස්සෙ මාමා හැමෝටම හොරෙන් අර කෙල්ල කසාද බැඳලා කාමරයක් කුලියට අරන් ජීවිතය ආරම්භ කලා .............

ඉඳහිට රෑට ගෙදර ගිහින් එයාගෙ අම්මා තාත්තා බලල එනවා ...........ගමට මූන දෙන්න බැරි නිසා...........

එයාගෙ සහෝදරයන් මාමාව පවුලෙන් අයින් කලා.........අපේ පවුලේ මඟුල් ගෙයක්වත් එයාට කියන්නේ නැහැ ........

මීට අවුරුදු කිහිපයකට කලින් අපේ පුංචි කෙනෙක් ගේ පුතෙක් විවාහ උනා..........
එයාලා උඩරට නිසා තවත් ඉහළට අරන් ඉන්නේ.......😂😂😂

ඒත් මාමාට ආරධනා කලේ නැහැ .........මං පුංචි ගෙන් ඇහුවා.......ඇයි මාමාට කිව්වෙ නැත්තේ කියල ......

"""ඌව ගෙන් වන්න පුලුවන් ද..........අර පැද්දීවත් අරන් එයි මෙතනට......උඹ දන්නෙ නැහැ මේ  උඩරට මිනිස්සෙගෙ හැටි.........මටත් මෙහෙ ඉන්න වෙන්නෑ....පුංචි කිව්ව.....

"" දැන් ඉස්සර වගේ කුලය බලන්නේ නැහැ නේද කියල මං ඇහුවා .....

"""" ඒක බැලුවෙ නැතිනම් වෙන මොනවා බලන්නද """ කියල පුංචි සද්දයක් දැම්මා ....
මං අකුල ගත්තා .....😂😂😂😂😂

මාමාට දැන් ඉන්නවා අවුරුදු 24 හා 19 පුතාලා දෙන්නෙක්........ඒ ලමයි අපේ නෑදෑයන් අඳුනන්නෙ නැහැ .........

මාමා බැඳලා ඉන්න කෙනාට මං කවදාවත් නැන්දේ කියල කතා කරලා නැහැ .......

කවදාහරි දවසක මං විවාහ උනොත් එදාටත් චූටි මාමාට ආරධනා කරන්න මට බැරි වේවි.........

දැනට අවුරුදු දෙකකට විතර කලින් චූටි මාමා ගැන ආච්චි එක්ක මං කතා කලා..........

"""ගමේ අම්මා හොඳ කෙල්ලෙක් හොයලා මාමාට  බන්දලා දුන්නා නම් මෙහෙම වෙන්නෙ නැහැ නේද කියල මං ඇහුවා """"""

හුටා ආච්චීට මල පැන්නා .......

"
"""ඌට හොඳ තැන්වලින් මඟුල් කීයක් තා කලාද ඒ සේරටම වඩා ඌට අර පදු කි&බ ලොකු උනානෙ කියල ආච්චී කිව්ව ..."""""

Sunday, August 26, 2018

ගොවිගම

අකමැත්තෙන් උනත් පුංචි එයාගෙ දුවගෙයි අසෝකයා ගෙයි ආලවන්ත කමට අවසර දුන්නා ........ඒත් ආච්චිගේ කේන්තිය තමයි අඩුවෙලා නැහැ ...........

"" අර වඩක්කයා වේ%ගෙ පුතා ඕකා ඔහොම වැඩක් කොරයි කියල කවුද හිතන්නේ බොලං ..........එහෙම දෙයක් දන්නවා නම් ඕකගේ නැට්ට කපලා නොවැ ගෙට ගන්නේ """"'
කියල ආච්චි මං එක්ක කිව්වා 😂😂😂😂😂

පුංචි කැමැත්ත දුන්නත් එයාගෙ හිතට දුක දැනන හැම වෙලාවෙම මං එක්ක කියල හැඬුවා මතකයි .........

පුංචිගේ දුවගේ ලොකු බලාපොරොත්තුවක් තිබුන පොලිසියට බැඳෙන්න...............ඒ බලාපොරොත්තුව සිහිනයක්ම උනා........

"" පුතේ කෙල්ලෙක් හදනවා කියන්නේ අනුන්ගේ වත්තක ගහක් හිටවනවා වගේ වැඩක්........ඒකෙ පලදාව කවදාවත් තමන්ට ලැබෙන්නේ නැහැ .....අනුන්ට තමයි .......

මං ඒක දැනගෙන තමයි හිටියේ .......ඒත් මේ කෙල්ල ඉගෙනීමත් කඩාකප්පල් කරගෙන

මේ තරම් ඉක්මනින් මඟුලක් කරගනී කියල මං හිතුවෙ නැහැ """"'"  කියල පුංචි හැඬූ විදිහ මට දැනුත් මැවිල පේනවා .........

======================================

අපේ අම්මගේ පරම්පරාව ගොවිගම නිසා එයාල ඒක ගැන මහ ඉහලින්ම වර්නනා කරනවා.......

මීට අවුරුදු ගාණකට කලින් ආච්චිගේ බාලම පුතා......එ කියන්නේ අපේ අම්මගේ පවුලේ බඩපිස්සා............කෙල්ලෙක් එක්ක යාලු උනා.....

අපේ  සීයාට ඒ ගැහැනු ලමයගේ ගෙවල් කිට්ටුව ඉඩමක් තිබිලා තියෙනවා .........
ඒ ඉඩමෙ අන්නාසි වගා කරලා තියෙන නිසා ඒවා බලන්න චූටි මාමා  නිතර යනවා ......

ඒ ඉඩම තිබිලා තියෙන්නෙ පදු කියන කුලයේ මිනිස්සු ඉන්න පැත්තක ............

ඔහොම ටික දවසක් යද්දී අපේ චූටි මාමා ඒ ඉඩම කිට්ටුව ගෙදරක පදු කෙල්ලෙක් එක්ක යාලුවෙලා..............

ඕක ගෙදරට ආරංචි වෙලා එක ගිනි විජ්ජුම්බරයයි............තොට මේ ගමේ ගෑනු නැතුවද පැද්දියෙක් එක්ක යාලු උනේ කියල ආච්චි මාමා ගේ ඇඟට ගොඩ උනා......

මාම ගේ අයියලා හතර දෙනයි , අක්කලා හතර දෙනයි, ආච්චියි, සීයයි, දහ දෙනාම එකට හිටල මාමට විරුද්ධව පෙළපාලි ගියා....😂😂😂😂😂

ඒ අතර අපේ සීයා ගිහින් ඒ ගෙදර මිනිසුන්ට ගේමක් කෝල් කරලා ඇවිත්........😂😂😂😂😂

ඔන්න ඒ අස්සෙන් කතාවක් ගියා ඒ පදු ගෙදරින් මාමා ට ඉනා බෙහෙතක්, එහෙම නැති නම් වශී ගුරුකමක් කරලා තියෙනවා ඒ කයි මේ ගෙදරට යන්නේ කියල .........

ඊට පස්සෙ ඕං මාමව අරන් දේවල ගානෙ යන්න උනා........වශී ගුරුකමේ බලය බිඳෙන්න වැඩ කරන්න ..........

ඉතින් ඔන්න දේවාල ගානෙ අරන් ගිහින්
මාමට ළය විරේක දෙනවා, 😂😂😂   ඇඹුල් පහ මතුරල දෙනවා, 😂😂😂
තැඹිලි මතුරල දෙනවා.....😂😂

වැඩ කෝටියයි........

ඔහොම ටික දවසක් ගිහින් .......දේව බැල්මෙන්ද මන්ද මාමගේ ලවක් දෙවක් නැති  ලව නැති උනා.......😂😂😂😂😂😂

ඉතින් ආච්චිට ෆුල් හැපි...... හුට ටිකදොහක් යද්දි මාමා ආයෙත් එකියක් එක්ක ලැහැස්ති උනානෙ......

හොයලා බලද්දී වෙන කවුරුවත් නෙමෙයි ........කලින්  යාලුවෙලා උන්නු කෙල්ල් නංගි.........

Saturday, August 25, 2018

තීරණය කරනවා සියදිවි නසාගන්න



ගමේ පිරිමි දෙන්නෙක් අශෝකයට ගහල නෝන්ඩි උනාට පස්සෙ පුංචිගේ දුවට හරි දුකයි..........

එයා තීරණය කරනවා සියදිවි නසාගන්න ....
එහෙම හිතල  ලිපියක් ලිව්ව..... මෙහෙම ..

මං යාලුවෙලා ඉන්න අයියට ගමේ අයියලා දෙන්නෙක් ගහපු නිසා මං දිවිනසා ගන්නවා කියල ..........

මේක පුංචිට අහුවුණා ..........දැනගත්තා සිද්ධියේ බරපතළකම ........

බැරිවෙලාවත් කෙල්ල දිවිනසා ගත්තොත් අසෝකයට ගහපු උන් දෙන්න පොලිසියෙන් ගෙනියනවා......ඊට පස්සෙ ගමේ මිනිස්සු තරහා වෙනවා............

කොයිකටත් කියල කෙල්ලගේ කේන්ද්‍රය අරන් ගියා ජ්‍යෝතිශවේදියෙක් ලඟට .......

උන්නැහේ කියනවා මේ ලමයා හිතුවක්කාර විවාහයක් තමයි කරගන්නේ කියල ........ඒකට ඉඩදෙන්න කියල ..........නැති නම් තව වින්නැහියක් කරගත්තොත් එහෙම ...........

පුංචි හිත හදාගෙන කැමැත්ත දෙනවා......දෙන්නගේ සම්බන්ධයට..........ඒ වගේම අසෝකයට ගෙදර එන්න අවසර ලැබෙනවා ........

ඒ ගැහැනු ලමයා සාමාන්‍ය පෙල විභාගය ලියන්න ඉන්න අවුරුද්ද.........

පුංචි කැමැත්ත දුන්නට ආච්චි හිටියේ අශෝකයා ගැන පුදුම කේන්තියකින් .......

දවසක් මං ගිහින් ඉන්නකොට ආච්චි කියනවා

""අර වඩක්කයා මේ අහිංසක කෙල්ල රවට්ටගෙන ......තව රෑට ඇවිත් මේ සාලෙ මැද්දෙ දපනවා මං පුදුම ඉවසිල්ලකින් ඉන්නේ ...... ..

මං කොයි වෙලාවක හරි ඕකට හොඳ වැඩක් කරනවා කියල ......."""

ජීවිතේ පලමු වතාවට වඩක්කයා කියන වචනය අහපු මට මාර චූන් එකක් ආවෙ.....
😂😂😂😂

ගමේ අම්මෙ මොකක්ද වඩක්කයා කියන එකේ තේරුම.........මං ඇහුවා ........

වඩක්කයා කියන්නේ ඔය වගේ එවුන්ට තමයි .....කිසිම කඩවසං පෙනුමක් නැහැ ......

පේන් නැද්ද ඌ ඇවිදින හැටි ඕකා ඇවිදිද්දී අත මේම කැරකෙනවා කියල අත කරකවලාත් පෙන්න්නුවා.....😂😂😂😂

උස මහත නැති කාලගෝලයො වගේ උන්ට තමයි වඩක්කයා කියන්නේ කියල උන්දැ කිව්වා ...........

ගමේ අම්මා දැන් ඌට මොකද කරන්න ප්ලෑන් කරන් ඉන්නේ කියල මං නිකමට ඇහුවා......

කොහොමත් තමුන්ගෙ ආරස්සාව තමුන් සලස ගන්න එක හොඳයි නෙ.....😂😂😂☺️

ඔය වේ#ගෙ පුතා ඇවිත් මෙතන සාලෙ දපල ඉන්න වෙලාවක මං දොරට දාන පොල්ල අරන් ඕකගෙ ඔලුව පොඩි වෙන්න ගහනවා කියල ආච්චි කිව්වෙ නැතෑ.....😂😂😂

"" ඕකා දන්නෑ මයෙ හැටි........මං නාකි ගෑණි කියල ඕකා හිතාගෙ ඇති .......මේ ගෑණි ඒ තරන් හොඳ ගෑණියෙක් නෙමෙයි.........මං කහටගහවත්තෙ ගෑණියෙක්........

ඕකගේ ඔලුව පොඩි වෙන්න දොර පොල්ලෙන් ගහල මං පොලිසියට ගිහින් ""ඉස්පැට්ටර් ""
මහත්තයට බාර වෙනවා ....කිව්වා .......

"" මං සිල් ගත්තට ඕකට නම් සීලෙ පැත්තකින් තීලා ගහනවා කිව්වා ""😂😂😂😂

මං ඒ දවස්වල නිතරම ආච්චිගේ ගෙදර යන නිසා මට මගේ ආරස්සව ගැන බයක් ඇති උනා😂😂😂😂😂

මොකද බැරිවෙලාවත් රෑ ආච්චි අසෝකයා කියල හිතල මගේ ඔලුවට දොර පොල්ලෙන් ගහයි කියල මට හිතුනා......😂😂😂

කියන්න බැහැනෙ උන්දැගේ ඇස්පෙනීමත් දුර්වලයි.......

මගේ නරක වෙලාවට එහෙම දෙයක් උනොත් කියල හිතිලා......මට දාඩිය ටිකකුත් දාලා චූ බරකුත් හැදුනා........😂😂😂

මං ආච්චිගේ කණට ලංවෙලා කිව්වා........
ගමේ අම්මෙ ඔයා අසෝකයට ගැහුවට කමක් නැහැ ......

හැබැයි මං මෙහෙ ඉන්න දවස්වලට ඒක කරන්න එපා........ඔයා බැරිවෙලාවත් අසෝකයා කියල හිතලා මගේ ඔලුවට  දොර පොල්ලෙන් කෙලියොත් ඒම......එපා කියන්නයැ........😂😂😂

ඔයා ඒක මං ඉන්න දවස් වලට කරන්න එපා කියල කිව්වා ........හැබැයි අපරාදෙ කියන්න බැහැ උන්දැ ""හා "" කිව්වා .....😂😂😂😂

Friday, August 24, 2018

ආච්චි මට ගෙනාපු මංගල යෝජනාව

අල්ලපු ගෙදර අක්කා නංගි ඩබල ගැන කියලා ඉවර උනාම  මතක් උනේ ආච්චි මට ගෙනාපු මංගල යෝජනාව ගැන කියන්න....

ඊට කලින් ආච්චි  දීපු තව ආතල් එකක් කියලම ඉන්නම්කෝ..........😂😂😂

මට වයස 16 විතර කාලෙ ආච්චි අපේ ගෙදර නැවතිලා හිටියා ටික කාලයක්..... ඒ වයසෙ කොල්ලො , කෙල්ලො සිල් අරන් වගේ ඉන්නෙ නැහැන කොහොමත් .......ඉතින් ආච්චිට මල පනිනවා...........දවසක් මං  මොකක් හරි දඟකාර වැඩක් කරලා ආච්චිට හොඳටම මලලා.............

කතා කලා අපේ අම්මට ......

"""  නෝනේ.......නෝනේ ..........ළමයෝ.......මේ කොල්ල කිසිම කමකට නැහැ .......මේකා හැදෙන්නේ  ""මලබොඩ ඊරිය "" වගේ.....😂😂

ඔහොම ලමයි හදලා හරියන්නේ නැහැ .....
බලමුකෝ උඹ මේකා හදයිද කියල ........😂

හැදුවොත් මේං මගේ කණ ""  කියල ආච්චි එයාගෙ කණ අල්ලලා පෙන්නුවා...😂😂😂

ආච්චි බැන්නම අපේ අම්මට ටිකක් අවුල් වගේ....උඹ කරන  පජාති වැඩ නිසා මාත් බැනුම් අහනවා කියල අම්මා මට තග දානවා....

කොච්චර බැන්නත් මට ඒකාලෙ තිබුන ගාය නම් අඩු උනේ නැහැ ........පිංවතුනි.....😂😂

ඒවයසෙ තියෙන  යෞවනයේ පොපියන චමත්කාරය ආච්චි දන්නවයැ....😂😂😂😂
උන්දැගෙ වැඩේ සතිපට්ඨානය කියෝන එක ....

ඒකාලෙ තමයි ආච්චිට කැළණියේ "වරක්" වඳින්න ඕන කියල අමුතු පුපේ අමාරුවක් හැදිලා තිබුනේ..........😂😂😂

ඕං ආයෙත් දවසක් මං මොකක් හරි මගෝඩි වැඩක් කරලා..........ඒක අම්මලා එපා කියපු දෙයක් කරලා.........

ආච්චි එන්ටර් උනා ගේමට......මෙහෙම ළමයි හැදිලා හරියන්නේ නැහැ .......

මේක හරියට "" පයියට ලොකු ගිරේ වගේනෙ "" කියල ආච්චි කිව්වා .......😂😂😂

ජීවිතයේ පලමු වරට අහපු ඒ හරුපෙ නිසා මට හොඳටම හිනා කටිනුයි පුපෙනුයි දෙකෙන්ම.
........ආච්චිට තවත් මල පැනලා.....😂😂

බෝම අමාරුවෙන් හිනාව නවත්තාගෙන ආච්චි ගෙන් ඇහුවා "" මොකක්ද ගමේ අම්මෙ පයියට ලොකු ගිරේ "" කියන්නේ කියල ... 😂😂.

උන්දැ මට ඒක කියල දුන්නා.........වයසක මිනිස්සු ලඟ බුලත් ,පුවක්, දුම්කොල , හුණු කිල්ලෝටෙ , ගිරය , එහෙම දාන මල්ලට කියන්නේ බුලත් පයිය කියල ......

මේ බුලත් දාන පයියට වඩා ගිරය ලොකු උනොත් ඒ ගිරය බුලත් පයිය ඇතුලට දාන්න බැහැනෙ ..........

ඉතින් දෙමව්පියන්ට අකීකරු ලමයින්ට අපේ ආච්චිලා කියන උදාහරණයක් තමයි ඒක......

මතු සම්බන්ධයි .......

ආච්චි ගෙනා මංගල යෝජනාව .....
මීලඟ කොටසින්.........

ආච්චිගේ  කතා    - 16

මට වයස අවුරුදු 16 විතර කාලේ ආච්චි ටික කාලයක් අපේ ගෙදර හිටියා කියල මං කලින් කිව්වා මතක ඇති .............

ඒකාලෙ තමයි ආච්චි කැළණියේ "වරක්" වඳින්න ගියේ........දැන් ඉතින් ආච්චිගේ සර්ධාව උපරිමේට තියෙන්නෙ .......😂😂😂

කොයි වෙලේ බැලුවත් සතිපට්ඨානය පොත තමයි අතේ තියෙන්නෙ ...😂😂කමක් නැහැ ඉතින් උපන්දා සිට කරපු පව් වහල දාන සීන් එකේනෙ ආච්චි ඉන්නෙ ......😂😂

ආච්චි අපිට ටෝක දෙන්නෙත් ධර්මයෙන් තමයි ඕං.....😂😂😂.....

සිල් අරන් කැළණිය පන්සලේ තියෙන බෝසතාණෝ දුෂ්කර ක්‍රියා කල රූපයක් අඹලා තියෙන තැනට ගිහින් උපාසක සෙට් එක භාවනා කරනවලු........

ඒ කාලෙ  උන්දැ හිටියේ සෝවාන් වෙන්න ඔන්න මෙන්න  විදියට .....😂😂
ඇයි ඉතින් උන්දැ ඉන්නේ සර්ධාව පිරිලා ඉතිරිලා රෙද්ද පල්ලෙන් දෝරෙ ගලන විදිහට ...😂😂😂

දවසක්  මොකක් හරි ධර්මය ගැන කතාවක් ඇති වෙලා  බුදුහාමුදුරුවෝ අවුරුදු අසූවෙන් පිරිනිවන් පෑවෙ ආනන්ද හාමුදුරුවෝ කල්පයක් වැඩසිටින ලෙස ආරාධනා නොකලේය........එවිට මාරයා ඇවිත් බුදු හාමුදුරුවන්ට  පිරිනිවන් පාන්නට ආරාධනා කලා කියන තැනට අපේ  කතාව ආවා......

එහෙම කියල ආච්චි හරිම දුක්බරව ,

"" අනේ අප්පොච්චියේ එදා ආරාධනා කලා නම් අදටත් ජීවමානව වැඩ ඉන්නවා නොවැ ""
කියල කිව්වාම මගේ ඇස් උඩ ගොහින් නළලේ නැවතුනා පිංවතුනි 😂😂😂😂😂

කොහෙද එහෙනම්  බුදුහාමුදුරුවෝ ඉන්නෙ කියල මං ඇහුවෙ හිනාව තදකරගෙන...😂😂

"" ඉන්දියාවේ නෙව """  😂😂ආච්චි උත්තර දුන්නා ...

ආච්චි වලිගය පාගගෙන ඉන්නෙ කියලා තේරුම් ගත්තු මං "" ගමේ අම්මෙ බුදු හාමුදුරුවන් එදා පිරිනිවන් පෑවෙ නැති නම් තවත් අවුරුදු හතළිහක් ජීවත් වෙන්නට තිබුනා ......ආයුෂ් කල්පයක් කියන්නේ අවුරුදු එකසිය විස්සකට ........කියල මම ආච්චිව දැනුවත්  කලා........😂😂😂😂

ආච්චි හිතාගෙන ඉඳලා තියෙන්නෙ කල්පයක් කියන්නේ ලෝක විනාශය දක්වා කාලය කියල .....😂😂😂😂

ඕං සර්ධාව දෝරෙ ගලපු ආච්චිගේ දහම් දැනුම
😂😂😂😂😂😂😂😂😂

======================================

ආච්චි මට ගෙනාව මංගල යෝජනාව ගැන දැනගන්න ඔයාලා ආසාවෙන් ඉන්නවා කියල මං දන්නවා.

මේ සිද්ධිය පටන් අන්නෙ මට වයස දහනවයක් විතර කාලෙ ........

අපේ  ආච්චිගේ ගෙවල් වලට පහලින් වෙල්යාය  අයිනෙන් පුංචි ඇළක්  ගලාගෙන යනවා....අහල පහල මිනිස්සු ඒ ඇලෙන් තමයි නාන්නෙ......

ඇළේ වතුර අඩු කාලෙට මිනිස්සු ළිංවලින් තමයි ඒවා කරන්නෙ......ඉතින් අපිත් එහෙම ආච්චිගේ ගෙවල් කිටුව ළිඳකට යනවා නාන්න ..ඒ ළිඳ තියෙන්නෙත් ඇළ අයිනේ...

එයාලා අපේ නෑදෑයන් වෙනවා......ආච්චිගේ  ගෙදර ළිඳෙන් නාන්න බැහැ ගොඩක් ගැඹුරුයි......

දවසක් මං ආච්චිගේ ගෙදර ඉඳලා අපේ එදර එන්න පිටත් වෙලා පාරෙන් එන්නෙ නැතුව වෙල අයිනේ නියර දිගේ අවා......

එනකොට අශෝක එක්ක විවාහ උන පුංචි ගේ දුවයි , පුංචියි, තව සුදු හීන්දැරි කෙල්ලෙකුයි ළිඳේ නානවා......මාව දැකලා පුංචි ගේ දුව අයියේ යනවාද කියල ඇහුවා......

ඒ සුදු ගැහැණු ළමයා මං ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ .....

මාත් ඉතින් ඒකාලෙ හොඳ ඉලන්දාරියා නෙව...
එකපාරටම අර ගැහැණු ළමයා මගේ හිතට ඇල්ලුවා වගේ හැඟීමක් ඇති වුනා...😂😂

පුංචි ගේ දුව එක්ක කතා කලාට මගේ ඇස්දෙක තිබුණේ අර සුදු කොණ්ඩෙ දිග නම්කි ලඟ....😂😂😂😂

කොහොම හරි ගෙදර ආවාට පස්සෙත් මට අර ගැහැණු ළමයා නිතරම මතක් වෙන්න වුනා...

කවුද ඒ කෙල්ල.......කොහෙද ඉන්නෙ.......
කාගේ කවුද........මගේ යොවුන් සිත මට වද දෙන්න උනා .......😂😂😂😂

කොහොම හරි අමාරුවෙන් සතියක් විතර ඉඳලා ආයෙත් ගමේ ගියා....ඒකාලෙ පුංචි ගේ දුවට වයස දහසයක් විතර ඇති .........

කොහොම හරි ආච්චියි, පුංචියි දෙන්න එහෙට මෙහෙට වෙනකන් හොරගල් අහුල අහුල හිටපු මං නංගිට කිට්ටු වුනා..😂😂😂😂😂😂

පොඩි හිනාවක් එහෙම කෙල්ලට දාලා වෙනදා නැති ලෙංගතුකමකින් කතා  කරලා ඇහුවා...

"""නංගි  එදා මං මෙහෙ ඉඳලා යනකොට ඔයාලා එක්ක ළිඳගාව හිටපු ගැහැණු ළමයා කවුද කියල """"

ඇත්තටම ඒ කවුද


අසෝකයා ඇඳෙන ආව කමිසය

දුවගේ මුහුණේ තිබුන කැලල දැකල පුංචි හොඳටම කලබල වෙලා දුම්මලවරම ගත්තු කපුවා වගේ ආවේස උනා........

කියාපන් කවුද මේක කලේ කියල .........කෙල්ල සද්දයක් නැහැ ..........පුංචි ගැහුවා ගහල ඇහුවා .........ඒත් උත්තරයක් නැහැ ......

මේ කලබලේ මැද්දට පැනපු ආච්චිත් අහන්වා කවුද තොට මේ වැඩේ කලේ කියල .....

මේකි ගලේ පහරපු බළලා වගේ ඉන්නවා ...
කට අරින්නෙම නැහැ .......
අන්තිමට එදා ගෙදර ඇවිත් හිටපු ඥාති වෙන පිරිමි කෙනෙක් කියල තියෙනවා දුවේ ඇත්ත කියන්න මං මෙහෙ හිටපු නිසා මටත් හොඳ නැහැ කියල ......

එතකොට තමයි අරකිගේ කට ඇරුනෙ........

අශෝක තමයි මේක කලේ කිව්වා .........

ආ.........කියන්න බැරි උනානෙ ගෙදර ඇවිලිච්ච  ගිනි විජ්ජුම්බරේට හේතුව මොකක්ද කියල  ..
අර අසෝකයා රෑ ගෙදර  ඇවිත් කුස්සියේ උයමින් උන්න කෙල්ලගේ මූණ හපාකාලා....
😂😂😂.......

ඒකිගෙ කම්මුලේ තිබුන ලොකු දත් පාරවල් දැකල තමයි ගෙදර උන්දැලා කලබල වෙලා තීන්නෙ.......

කොහොමින් හරි කෙල්ලගේ හොර ලව් එක ඔහොමයි ගෙදරට මාට්ටු වුනේ......

හැබැයි මේ හුටපටේ නෑදෑ සනුහරේට වසං කරන්න පුංචිට ඕන වුන නිසා සිද්ධිය ගැන කෙල බිංදුවක්වත් හැලුවේ නැහැ ........

අසෝකයා දැන් රෑට නවතින්න එන්නේ නැහැ කියල මට දැනගන්න ලැබුණු නිසා ආච්චි ගෙන් ඇහුවම ආච්චිත් වටේ යනවා ........

මං ඕවා දන්නෑව්බොලං ...කියල .....

හරිහමන් හිත සැනසෙන උත්තරයක් නැති නිසා මාත් හරිම විස්සෝපයෙන් උන්නෙ........

ඒත් මට තේරිලා තිබුනා මොකක් හරි නෝක්කාඩුවක් තියෙනවා කියල .....

දවසක් මං පුංචි එක්ක ගමනක් ගිහින් එනකොට මගදී අසෝකයා හමුවුණා .....

මං නැවතිලා කතා කරද්දී පුංචි ඉස්සරහට ගිහින් මං එනකල් නැවතිලා හිටියා ......

පුංචියි අසෝකයයි නයාට අඳුකොල වගේ  මූණ බලන්නෙ නැහැ ......මට ඉතින් ලොකු ප්‍රහේලිකාවක් ........

අයියේ ඔයා ගමේ යන්නේ නැද්ද කියල මං  ඇහුවා ....නැහැ කිව්වා.....
ඔයාලා තරහයිද කියල ඇහුවා .......අර ඉන්නේ .....අහගන්න කිව්වා පුංචිව පෙන්නුවා........

යන ගමන් පුංචිගෙන් ඇහුවා මොකක්ද පුරස්නෙ කියල .......අසෝකයා මොකද කිව්වේ කියල පුංචි අහනවා......

ඌ මුකුත් කිව්වේ නැහැ පුංචි ගෙන් අහගන්න කියල කිව්වා කියල මං කිව්වා .....

මට ඉතින් ඉන්න බැහැ කුතුහලය නප්පියටම නැගලා .......පුපේ ඉත්තෑවො දුවනවා වගේ ...


මට මාර අවුල් ඇයි යකො ඕපයක් අහල හිතට සැනසීමක් ගන්න හදද්දී ඒකට අවස්ථාවක් දෙන්නේ නැහැ .......

එදායින් පස්සේ අශෝකයට ආච්චිගේ ගෙදර තහනම් කලාපයක් උනා........කෙල්ලට අධි ආරක්ෂිත කලාපයක් උනා.........

කෙල්ල ඉස්කෝලෙ යනවා ගෙදර එනවා සාමාන්‍ය විදිහට ටික දොහක් ගෙවිලා ගියා.........

දවසක්දා රෑ 9 ට විතර ආච්චිගේ ගෙදර අය කෑම ගන්න වෙලාවෙ......මෙන්න හොරේ.................ක් කියල කෑගහන සද්දයක් ඇහුනා.......ඒ එක්කම මහ හඬින් හූ.............
තියන සද්දයකුත් ඇහුන...........

ඒත් එක්කම තවත් හූ හඬවල් කිහිපයක් ගමපුරා රැව්දුන්නා......

ගම්බද මිනිස්සු හූ........ කියල තමයි ගමට හොරෙක් එහෙම පැන්නොත් පණිවිඩය දෙන්නේ ......

ආච්චිගේ ගෙදර අයත් මොකෑ උනේ කියල බලන්න එලියට පැන්නා.........

ඒත් එක්කම කමිසයකුත් නැතුව දිග කලිසමක් විතරක් ඇඳගෙන පුංචි ගේ දුව එක්ක යාලු වෙලා උන්නු අශෝකයා කඩුලු පැන දිවීමේ ඔලිම්පික් ශූරයෙක් වගේ ආච්චිගේ වත්තේ කම්බිවැටෙන් පැන විදුලි වේගයෙන් ගෙටරිංගුවා........

ඇත්තටම මොකද උනේ.....
අසෝකයා ඇඳෙන ආව කමිසෙට මොකද උනේ........

මහ රෑ නිවුඩෙන් ඇවිත්



අසෝකයා ගෙටරිංගුවා විතරයි  උගේ  පස්සෙන් ගමේ මිනිස්සු විසිපහක් තිහක් විතර පොලු, මුගුරු , කඩු, පොලු, කැති,අරන් දුවගෙන ආවෙ නැතෙයි........😂😂😂😂

දුවගෙන ආපු එවුන් කෝ අරූ ඕකව බාවන්න තමයි අපි ආවෙ කියල කෑගැහුව.......

ඔන්න ඒ වෙලාවෙ තමයි තමන්ගෙකම මතක් වෙල අපේ පුංචි ඉස්මනට අසෝකයා ගෙටදාගෙන දොර වහගත්තෙ.........

මොනා උනත් ඌ පුංචිගේ අයියගේ කොලුවා නෙව ...

නැති නම් ගමේ එවුන් ඌට ගහනවා ඇටදෙක පුප වටේ කැරකෙන්න........😂😂😂😂😂

අසෝකයා ගෙට දාගෙන දොර වහගෙන  ජනේලය ලඟට ගිහින් තමයි පුංචි මිනිස්සු එක්ක කතා කරලා තියෙන්නෙ .......

ඒ අතර මූට ගහන්න නොදී ගෙටදාගත්තු තරහට පල්ලෙහා ගෙදර චන්ද්‍රසිරියා ජනේලෙන් අතදාලා පුංචිගේ බෙල්ල මිරිකලා.....

මලපැනලා හිටපු පුංචි අතේ තිබුන බත් පිඟානෙන් උගේ ඔලුවට ගහල ......
උගේ ඔලුවෙයි මූනෙයි පිඟානෙ තිබුන පරිප්පු ඇට වලින් නෑවිලා.......😂😂😂😂😂😂😂.

ඒක දැකල පුංචි ගේ කෙල්ලට ඒවෙලාවෙ හොඳටම හිනා ගිහින් .....😂😂😂😂 හිනා යන්නේ නැද්ද ඉතින් ......

බත් පිඟානෙන් පහරකාපු චන්ද්‍රසිරියා කේන්තියටම තොපේ අම්මට $කන්න කියල ....
අපේ පුංචි කිව්වලු අපේ අම්මට &කන්න තාත්තා නැහැ කියල 😂😂😂

දැන් උණුසුම් විදිහට වචන හුවමාරුව යනවලු.
අනිත් මිනිස්සු බලාගෙන ඉන්නවාලු......
චන්ද්‍රසිරියයි, ප්‍රේමතිලක කියල එකෙකුයි තමයි ලොකුවට ගේම ඉල්ලන්නේ .......

මොනා උනත් අපේ මහ ගෙදර සාමාජිකයන් 11 හිටපු ගෙයක් නෙව ......

පාරම්පරික ගම්කාරයෝ වෙච්ච අපි මක්කටෙයි පසුබහින්නෙ කියල පුංචි තනියම ගේමට බැහැලා .......

අරුන් දෙන්න පසු බැහැලා ගිහින් .....අපේ මහගෙදරට  ගෙවල් දෙකකට විතර එපිට ඉන්න මාමා කෙනෙක් කිව්වලු මං ආවා සමථයකට පත්කරන්න.......

කොහෙද ඉතින් කාන්ති ටිං එකක් හොලෝනවා වගේනෙ කිව්වලු ........

ටිං එකකට ගල්කැට දාල හොලවද්දී  වගේ කිව්වලු ...😂😂😂😂....

දැන් ඕං ගමේ එකාලා ගියාට පස්සෙ පුංචියි ,ආච්චියි ඇහුවලු මොකෑ උනේ කියල ...
තෝ කොහෙද මේ නිවුඩෙන් ආවෙ කියල .....

බැලින්නම් අසෝකයා ගෙයි පුංචිගේ කෙලීගෙයි හුටප්පරය නැවතිලා නැහැ නෙවැ.......

මූ රෑට රෑට හොරෙන් අරකි බලන්න ඇවිත් ......ඒක දැනගත්ත ගමන් පුංචි ඉදිරියට පැන වේගවත් හයේපාරක් එල්ල කරලා අසෝකයා ගෙ කණ හරහා.......😂😂😂😂

ඒත් එක්කම ආච්චිත් තුං මුල්ල පැනල ගැහුවලු අරූගෙ කම්මුලට එකක් ...😂😂

එදා රෑ ආච්චිගේ ගෙදර නිදාත්ත අසෝකයා පහුවදා උදේ ගිහින් .....පුංචි කෙල්ල ගෙන් අහල විස්තරේ........

අසෝකයා රෑට  කෙල්ලගේ කාමරේ ජනේලෙ ලඟට ඇවිත් කතාව කර කර ඉඳල යනවලු.......

අපේ මහගෙදර ඉඳල ඉඩම් දෙකක් විතර පහලින් ඇලක් තියෙනවා ඒ එක්කම වෙල් යායක් තියෙනවා .....

අසෝකයා රෑට ඇවිත් කමිසෙ ගලවලා ඇල ඉවුරෙ හංගලා වතවලින් පැනලා කෙල්ල හමුවෙන්න එනවලු......

අසෝකයා කලු නිසා කමිසෙ ගැලෙව්වම කාටවත් නොපෙනෙන්න තමයි ඒම ඇවිත් තියෙන්නෙ ......😂😂😂 වෙනදාට එන්නෙත් ඒමලු..........

එදත් අසෝකයා එද්දී  පල්ලෙහා වත්ත මැද්දෙ චන්ද්‍රසිරියයි , ප්‍රේමතිලයියි අරක්කු බිබී ඉඳල තියෙනවා .......

අසෝකයව අඳුනගත්තත් , එකෙක් මුගේ පපුවට කිණිස්සක් තීලා අනිත් එකා මුගේ කරේ තිබුන මාලෙ කඩාගෙන කණටත් ගහලා.....

අසෝකයා උන්ගෙන් බේරිලා දුවද්දී අරුන් දෙන්නා හොරෙක් කියල කෑගහල.....

එතකොට  තමයි වැටෙන් පැනලා ගෙට රිංගලා තියෙන්නෙ....😂😂😂......

මං පව් කියල උඹව බේරුවා ගමේ උන්ට ගහන්න දෙන්නේ නැතුව........මීට පස්සෙ මෙහෙ එන්න එපා කියල අසෝකයා පිටත් කලාලු..........

ඊට පස්සෙ කෙල්ලට බැනුම් කෝටියයි........
දිනපතා තුන්වේලටම කෑමට පෙර පසු ලැබෙනවා...........

මං ආච්චිගෙන් ඒ සිද්ධිය අහද්දි උන්දැ කිව්වා අරූ මහ රෑ නිවුඩෙන් ඇවිත් මේකි හම්බෙන්න.........😂😂😂

මොකක්ද ගමේ අම්මෙ නිවුඩෙන් යනවා කියන එකේ තේරුම කියල මං ඇහුවා....

නිවුඩෙන් යනවා කියන්නේ බොලං පහලට ඇඳල උඩට නැතුව යන එකට නොවැ........😂😂😂😂 මේකි මේ ඉස්කෝලෙ යන දරුවස් වෙච්චි.....දීගතල දෙන වයසක් යැ........

අහුවෙච්ච දෙන්කො අරූගෙ මහඑකා හරි මහ එකීහරි.......මෙතන තනිරකින්න ඇවිත් කරපු හරිය කීල දෙන්න....😂😂😂😂

දවසක් මං ඉන්න වෙලාවක  ආච්චියි පුංචියි කෙල්ලට බනින ගත්තා......අඬලා එහෙම කෙල්ල කිව්වා ගමේ අම්මෙ මට රුපියල් විස්සක් දෙන්න කියල .....

ඒ මොකටද උඹට රුපියල් විස්සක්....ආච්චි ඇහුවා.........

වේයන්ගොඩට ගිහින් කෝච්චියට පනින්න ........කෙල්ල කිව්වා..........

ඉල්ල ගනින් තොගෙ වාහෙගෙන්  ආච්චි දාපු සද්දෙට කෙල්ල අකුල ගත්තා........

මතු සම්බන්ධයි...........

අතහැර දැමූ සිල් මෑණි සිහිනය



ආච්චි මීට අවුරුදු ගණනාවකට කලින් පෝය දවසක කැළණියේ සිල් සමාදන් වෙලා ගෙදර එනකොට ගමේ මිනිසුන් මිදුලේ පිරිලා හිටියා කියල කලින් කොටසෙ කිව්වා මතක ඇති ...

ගේ ඇතුලෙන් ඇහෙන විලාප හඬින් කලබ උන ආච්චි සෙනඟ අස්සෙන් ගෙට ඇතුලු උනා....

ආච්චි දුවගේ සැමියා , මගේ පුංචි අම්මා විවාහ වෙලා හිටපු බාප්පා පෝය දවසෙ රෑ කෑම කාලා ඉවර වෙලා පිඟාන සෝදලා , වතුර බීපු විශාල ජෝගුව කුස්සියේ මේසය උඩ තියලා හැරෙවාත් එක්කම අම්මෝ කියල කෑගලා වැටෙන්න ගිහින් තියෙනවා ........පුංචි එයාව වැටෙන්න නොදී අල්ලාගෙන ගෙන තියෙනවා .......

ඒත් හාර්ට් ඇටෑක් එකක් නිසා තත්පර කිහිපයකින් ජීවිත ගමන  අවුරුදු  39 කට සීමා කරමින්  අවුරුදු 14  වයස දුවත්, අවුරුදු 12 වයස පුතාත්, අවුරුදු 1 යි මාස 10 වයස් බාලම පුතත් මේ ලෝකෙ තනිකරලා යන්න ගිහින් ...........

මළ ගෙදර අවසන් කටයුතු ඉවර වෙලා තමුන්ගෙ වැන්දඹු තරුණ දුවයි දරුවන් තුන් දෙනයි දාලා යන්න බැරි නිසා ආච්චිගේ සිල් මෑණි කෙනෙක් වෙන අදහස අතහැර දමන්න උනා........

ඒත් ආච්චි පෝයට කැළණියේ සිල් සමාදන් වෙන්න ගියා........... බාප්පා ගේ මරණයෙන් පස්සෙ ගෙදර වැඩිහිටි පිරිමි කෙනෙක් ගේ අඩුව තියෙන නිසා  පුතෙක් ආච්චිගේ මුණුබුරෙක් ඒ ගෙදර රෑට නවතින්න ගියා .... එයා ආච්චිගේ ලොකු මුණුබුරා ......

දවල්ට රැකියාවකට යන ඔහු රාත්‍රියේ ආච්චිගේ ගෙදර යනවා .........

ඔහොම ටික කාලයක් යද්දී අර තනිරකින්න ගිය කොල්ලයි පුංචිගේ අවුරුදු 15 විතර දුවයි අතරෙ හාදකමක් ඇති වෙලා.......
නෑදෑ කමට උන් දෙන්න නෑනයි මස්සිනයි.....දෙන්න අතර වයස් පරතරය අවුරුදු 8 විතර ........

හැබැයි මේක රහසක් හැටියට තියාගන්න මේ දෙන්න දක්ෂ උනා..........

දවසක් මේ ප්‍රේමවන්තයා වැඩ ඇරිලා රෑ 7 විතර ගෙදර ඇවිත් .....කෙලින්ම කුස්සියට ගිහින් තියෙනවා .....එතකොට අර ගැහැනු ලමයා රෑට කන්න උයනවලු........

එකපාරටම කුස්සිය පැත්තෙන් දඩබඩස් , කියල පොරකන සද්දයක් ඇහිලා ගෙදර අය කුස්සියට ගිහින් බලල තියෙනවා .....මුකුත් වෙනසක් නැහැලු ......

පහුවදා උදේ අර තරුණයා  ගෙදරින් පිටවෙලා වැඩට ගිහින් ......පුංචි බලද්දී කෙල්ලගේ මුහුනෙ කවදාවත් නැති වෙනසක් තියෙනවා ලු.................

මොකක්ද ඒ වෙනස.........මීලඟ කොටසින්......

බන්ධන කාරයන්ගෙ වැඩ



අපේ ආච්චිගේ නංගීගේ සැමියා පසුගිය 26 වෙනිදා වල කජ්ජ ගහල ........අවුරුදු 91 ආයුෂ වින්දනය කරලා තමයි උන්දැ පරලෝසැපත් උනේ............

පලමු වෙනිදා තියෙන හත්දවසෙ සාංඝික දානයට අපේ ගෙදරින් දෙන දායකත්වය අරන් මං අද එහෙ ගියා............

ඒ යනකොට අපේ ආච්චිට දෙන්න කියල අම්මා කෑම පාර්සලයකුත් දුන්නා .....

ආච්චිගේ ගෙදර ගිහින් බලද්දී දොර ජනෙල් සියල්ල වහලා ....
දොරට තඩිබාමින් ගමේ අම්මේ කියා කෑගසමින් ගේවටේ යනකොට යන්තං උන්දැ නිදාගෙන ඉඳල නැගිටලා ආව .....

මං පුරුද්දක් හැටියට ආච්චිට කෑම අරන් ගියාම ඒක ලිහල පිඟානක තියල ආච්චිගේ අතට දීල කාල ඉවර වෙනකං එයාගෙ ඉස්සරහින් පහත් වෙලා ඉන්නවා ..........
ඒ අතර ආච්චි හොඳ හොඳ කතා එහෙන් මෙහෙන් කියනවා.......

" මං රෑට නිදාගන්න කොහේ හරි යන්න ඕන ....
මෙතන අමුතු වැඩසටහනක් යනවා ....කියා රහසින් කීවාය ......

කටින් පමණක් නොව පුපෙන්ද පනින්නට ආ හිනාව අමාරුවෙන් තද කර ගත්තා .......

කෑම පාර්සයෙන් ඉතිරි ටික බල්ලන්ට දමමු කියල මං කිව්වම " කෝ දැන් ගෙදර බල්ලෙක් වත් ඉන්නේ නැහැ " කියල ආච්චි කිව්වා ....
ඇයි ගෙදර බල්ලො ඉන්නේ නැත්තෙ කියල මං ඇහුවම " ඒවා බන්ධන කාරයන්ගෙ වැඩ " කියල ආච්චි  කිව්වා .......

ආච්චි කියන්නේ කවුරු හරි මන්තර ගුරුකම් කාරයෙක් ගෙදරට කොඩිවිනයක් කර ඇති නිසා ගෙදරින් බල්ලන්ද ගිහින් කියලයි....😂😂😂😂........

ආච්චි එක්ක කතා කරන අතර ආච්චිගේ නංගීගේ සැමියා මියගිය බව ආච්චිට කිව්වා ......." ඊලඟට කවුද ඉන්නේ කියල ආච්චි ඇහුවා ".....දැනට කවුරුත් නැහැ කියල මං කිව්වා.....එතකොට ආච්චිගේ මුහුණට පොඩි හිනාවක් ආව ........

------------------------------------------------------------------------

අපේ ආච්චි "වරක් " කැළණියේ සිල් සමාදන් වෙලා උපන්දා සිට කරපු පව් වහලා දැම්මා කියල මං ඊයෙ කිව්වා .........
"වරක්" කැළණි වැඳලා නැවත පසලොස්වක පෝයට ආච්චි යනවා කැළණියේ සිල් සමාදන් වෙන්න .....

අවුරුද්දක් කැළණියට බඩගාලා සිල්මෑණිවරු එක්ක එහෙම ඇසුරට වැටිලා ඔන්න ඊලඟට ආච්චිට තව පිස්සුවක් හැදුන ........ඒ තමයි සිල්මෑණි කෙනෙක් වෙන්න ඕන කියන අදහස........

මීට අවුරුදු ගණනාවකට කලින් එක්තරා පොසොන් පොහොය දවසක කැළණියේ සිල් සමාදන් වෙලා පහුවදා සිල් මුදවලා ආච්චි ගෙදර එන්නේ දරුවන්ට කියල පැවිදි වීමේ බලාපොරොත්තුවෙන්......අවසාන වරට තමයි මං ගෙදර එන්නේ කියන අදහසින්.........

ආච්චිගේ ගෙදරට පාරෙන් යනවා නම් ලොකු වටයක් යන්න ඕන......කිලෝමීටර්  කිහිපයක් .....

ඉතින් හැමෝම ෂෝට්කට් එකක් හැටියට බස් එකෙන් බැහැලා වෙල මැදින් නියර දිගේ තමයි යන්නේ ........

එදා ආච්චි බස් එකෙන් බැහැලා වෙලමැදින් එනකොට ගමේ ගැහැනු කෙනෙක් මුහුණට මුහුණ හමුවුණත් ඒ කාන්තාව ආච්චිට මුහුණ නොදී ගියා.......

මේක ආච්චිට ලොකු ගැටලුවක් උනා.......ගෙදර මොකක් හරි කරදරයක්ද කියල ආච්චිට හිතිලා පය ඉක්මන් කරලා ගෙදර ආවා......

ඒ එනකොට..........ගමේ සෙනඟ මිදුලේ පිරිලා........

ඇත්තටම ගෙදර මොනවා වෙලාද ........
මීලඟ කොටසින්.......

මතු සම්බන්ධයි........

උපන්දා සිට කරපු පව් නැත "වරක්" වැන්දොත් කැළණියේ .





අපේ ආච්චි දරුවන්ගේ ගෙවල් වලට ගිහින් සල්ලි අරන් ඒ මදිවට එකඑකා කොටවපු හැටි කලින් කොටසෙ කිව්ව්නෙ............

හැබැයි අපරාදෙ කියන්න බැහැ උන්දැ පිනට දහමට ලැදි කෙනෙක් ...... කවුරු හරි බඩගිනි කාරයෙක් ආවොත් ගෙදරට  එයාගෙ කෑමඑක හරි  දෙනවා.....
පෝයට ගමේ පන්සලේ සිල් සමාදන් වෙනවා.....
මෙහෙම ඉන්නකොට  සීයා නැති උනාට පස්සෙ අපේ ආච්චිට හිතෙනවා කැළණි පන්සලේ සිල් සමාදන් වෙන්න .......

ඔහොම අදහසක් උන්දැට ඇති වෙන්නෙ " උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ "කියන කතාව තමයි ........
ආච්චිගේ ටිකිරි මොළේට හිතෙන්න ඇති කැළණියේ "වරක්" සිල් අරන් උපන්දා සිට කරපු පව් වහලා දාන්න ........

එහෙම හිතාගෙන ඉන්නකොට කවුරු හරි බක පණ්ඩිතයෙක් උන්දැට කියල තියෙනවා "වරක් "කියල එතැනදි අදහස් වෙන්නෙ හැම මාසෙම හතර පෝයට නොකඩවා අවුරුද්දක් කැළණියේ සිල් සමාදන් වෙන්න ඕන එතකොට තමයි නියම ප්‍රතිඵලය ලැබෙන්නේ කියල ...😂😂 ....
ඉතින් එදා ඉඳල අපේ ආච්චිට මාර පුපේ අමාරුවක් තිබුණේ කැළණිය පන්සලේ "වරක්" සිල් සමාදන් වෙන්න .....ඒත් උන්දැ කැළණිය යන්න පාර දන්නෙත් නැහැ .......හැබැයි අපේ තාත්තා ගේ ගම කැළණිය .....
උන්දැට හයියෙන් වාතයක් ගියත් අපේ අම්මටයි තාත්තාටයි තමයි කියන්නේ .......

සුපුරුදු විදිහට මේ ආසාවත් කිව්වා ....
මෙන්න මේ විදිහට "වරක්" කැළණියේ සිල් සමාදන් වෙන්න ඕන කියල ........
අපේ අම්මා තාත්තාට වැඩේ පංගාත්තු කෙරුවා....තාත්තා බොහොම පිනට දහමට ලැදි දැහැමි සෙමෙන් කාලය ගතකරන කෙනෙක් නිසා වැඩේ බාරගත්තා.......

ඊට පස්සෙ පෝයට කලින් දවසෙ ආච්චි අපේ ගෙදර එනවා .......තාත්තා පෝය හතරම ආච්චිව කැළණි පන්සල් එක්ක යනවා .....පහුවදා යනවා එක්ක එන්න.........මේ විදිහට ආච්චි උපන්දා සිට කරපු පව් වහගන්න "වරක් " කැළණිය පන්සලේ සිල් සමාදන් වුනා.......

මතු සම්බන්ධයි......

ආච්චි



මං ඉපදිලා ගෙදරට ගෙනාවට පස්සෙ  අපේ ගෙදර ඇවිත් මාස 6 විතර මගේ වැඩ කරගන්න අපේ අම්මට උදව් උනා කියල අම්මා කිව්වා ........වෙනිවැල්ගැට තම්බලා හිල් පොල් කට්ටෙන් නාවලා , පිහදාලා ගම්මිරිස් ඇට ටිකක් හපලා පුංචි මගේ බිජ්ජට  පිඹලා සෑහෙන කටයුතු කලාලු.........😂😂😂

අම්මපා මට  ඒකාලෙ තේරෙනවා නම් බිජ්ජට  ගම්මිරිස් පිඹින්න ලංවෙද්දී  දෙනවා පයින් එකක් දත් ඇන්ද බිම වැටෙන්න.........😂😂😂

මං ටිකක් ලොකු වෙද්දී අපේ ආච්චි මාසෙකට දෙපාරක් විතර අපේ ගෙදරට ගාටනවා........උන්දැ එනවට මං  ඒකාලෙ හරි කැමතියි , මොකද එනකොට මට රුපියල් 10 චොක්ලට් එකක් අරන් එනවා......

ඉතින් ආච්චි එනකොට මං චොක්ලට් එක කන්න බලාගෙන ඉන්නේ .....එහෙම ඇවිත් යද්දී අම්මා සල්ලි කොල කිහිපයක් ආච්චිගේ අතේ ටිකක් මං දැකල තියෙනවා .........

අපේ තාත්තාත් එහෙම ආච්චිගේ අතට සල්ලි දෙනවා...........දුවයි බෑනයි දෙන්නම සල්ලි දෙනකොට මාසෙකට දෙසැරයක් එන්නේ නැතුව ඉඳීවිද ??????

ආච්චිගේ අතට අම්මා සල්ලි දෙනකොට බොහොම හැඟීම්බරව උඹ තමයි මෙහෙමවත් දෙන්නේ අනිත් එකෙක්වත් දෙන්නේ නැහැ කියල කොඳුරලා කියනවා.........මං අහගෙන ඉඳල තියෙනවා .........

එහෙම කියලා ආච්චි යනකන් ඉඳල අපේ අම්මා තාත්තා එක්ක කියල පවුලේ අනිත් නංගීලා මල්ලිලා අට දෙනාට වස්දොස් යන්න අහු, දෙහි ,පුහුල් ,හොඬල, විතරක් නෙවෙයි කරුංකා,එක වල්ලේ දෙහි තුන හිටන් කපනවා......

ඒ වෙලාවට එක වල්ලේ දෙහි තුන
 නැති උනාට මල්ලි පස්දෙනා අහුඋනා නම් උන්ගෙ වල්ල ගලවලා අතට දෙන සැයිස් කේන්තියකින් අම්මා ඉන්නේ ........😂😂😂
ඇයි ඉතින් ආච්චි උඹ විතරයි අපි ගැන බලන්නේ කියල ගිනිතියලනෙ යන්නේ ........

එහෙම අපේ ගෙදර ඇවිත් ගිහින් දවස් දෙක තුනකින් තව දරුවෙක්ගෙ ගෙදර යනවා .....

කයිය ගහලා ඉවර වෙලා යන්න ලැහැස්ති වෙද්දී එහෙනුත් අතට ගාණක් දෙනකොට එයාටත් කියනවා උඹ විතරයි අපි ගැන බලන්නේ අනිත් එකෙක්වත් නිකමට එන්නේවත් නැහැ කියල ........

ඕක අහන දරුවා අනිත් සහෝදරයන් ගැන කේන්ති ගන්නවා ........
ඔහොම මාසෙකට දරුවන් 9 දෙනාගෙන් සල්ලි ගන්න පුලුවන් දෙතුන් දෙනෙක්ගේ ගෙවල් වලට යනවා ......

පවුලේ සහෝදරයන් දෙන්නෙක් හමුවුනොත්
උඹට බැරිද නිකන්වත් අම්මලා ගැන බලන්න කියල අනිත් කෙනාට සද්දයක් දානවා......හැමෝම හිතාගෙන ඉන්නේ තමන් විතරයි දෙමව්පියන් ගැන බලන්නේ කියල ...

එකෙක් කියනවා මං විතරයි බලන්නේ කියල ......අනිත්කෙනා කියනවා මං තමයි බලන්නේ කියල ........අන්තිමට කට්ටියට වැඩේ තේරුම් ගියා..........

මතු සම්බන්ධයි ඈ..........

කිරිකැඳ

මේක ආච්චිගේ අම්මයි තාත්තයි සම්බන්ධ කතාවක් ..
අපේ අම්මා පවුලේ වැඩිමහල් ලමයා...
එයා  තුන්කුලුඳුල් දරුවෙක්ලු.
එහෙම අය තමුන්ගෙ ගෙදර තියාගන්න එක ගෙදරට හොඳ නැහැ කියල වගේම නිධන් ගන්න බිල්ලට දෙනවා කියල කතාවක් තියෙන නිසා අම්මගේ පාසල් ගමනින් පස්සේ ආච්චිගේ මහගෙදර අම්මව නවත්තලා තියෙනවා ....

ඉතින් ඒ ගෙදර අම්මගේ ඥාති සහෝදරියකුත්, නැන්දා කෙනෙකුත්  ඉඳලා තියෙනවා ....
තුන් දෙනාම එක වයසෙ ......දවසක් උදේ මේ ගෙදර පොල්හිඳලා කිරිකැඳ හදලා තියෙනවා ...
ඉතින් කට්ටියම කිරිකැඳ බීලා . .......

මේ තුන් දෙනා ඔයට ගිහින් නාගෙන ඇවිත් ඉතිරි කිරිකැඳ ටිකට වැඩේ දෙන්න ලැහැස්ති වෙලා ඒ ආච්චි ගෙන් (අපේ ආච්චි ගේ අම්මා ) ඇහුවලු කිරිකැඳ බොනවද කියල ......නැහැ කියල උත්තර ලැබිලා............ඉතින් අපේ අම්මයි අනිත් නැන්දලා දෙන්නයි  කැඳ මුට්ටියට වැඩේ දීලා........

ටිකකින් ඒ ආච්චි අපේ අම්මට කියල ලොකු දුවේ ආතාට කිරිකැඳ කෝපයක් ගෙනෙන් කියල .......දෙයියෝ සාක්කි........මොන කිරිකැඳඳ.......හැබැයි අපරාදෙ කියන්න බැහැ අපේ අම්මාට අර ස්ථානෝචිත ප්‍රඥාවද මොකක්ද කියන එක පිහිටලා තියෙනවා අඩුනැතුව............

අම්මා කුස්සියට ගිහින් ත්‍රීපෝෂ ටිකක් අරන් මුට්ටියකට දැම්මලු......😂😂😂😂ලිපේ තිබුන බත් හැලියෙන් බත් ටිකක් අරන් නෑඹිලියකට දාල මත් ගෑවලු 😂😂😂.........සීනි ටිකකුත් දාලා උණුවතුර දාල ලිපේ තියලා රත්කරලා කෝප්පයකට දාලා ආතාට ගිහින් දුන්නාලු....😂😂😂.....ඒක හරි රසයි ලොකු කෙල්ලෙ කිව්වලු........😂😂😂ඒ එක්කම ගමේ ගැහැනු කෙනෙක් ආවලු  ගෙදරට .....ආතා කිව්වලු ලොකු දුවේ අර කිරිකැඳ එකෙන් කෝප්පයක් මෙයාටත් දීහන් කියල 😂😂.........දැම්මලු තව උණුවතුර ටිකක් මුට්ටියට....කැඳ කෝප්පයක් හදලා ගිහින් දුන්නලු....😂😂😂😂

ඒ තුන්දෙනා අතර හිටපු නැන්දා කාමරෙන් එලියට එන්නේ නැති නිසා අම්මා ගියාලු බලන්න ....එයා බඩ අල්ලාගෙන හිනාවෙනවලූ......😂😂😂😂