Friday, August 24, 2018

බන්ධන කාරයන්ගෙ වැඩ



අපේ ආච්චිගේ නංගීගේ සැමියා පසුගිය 26 වෙනිදා වල කජ්ජ ගහල ........අවුරුදු 91 ආයුෂ වින්දනය කරලා තමයි උන්දැ පරලෝසැපත් උනේ............

පලමු වෙනිදා තියෙන හත්දවසෙ සාංඝික දානයට අපේ ගෙදරින් දෙන දායකත්වය අරන් මං අද එහෙ ගියා............

ඒ යනකොට අපේ ආච්චිට දෙන්න කියල අම්මා කෑම පාර්සලයකුත් දුන්නා .....

ආච්චිගේ ගෙදර ගිහින් බලද්දී දොර ජනෙල් සියල්ල වහලා ....
දොරට තඩිබාමින් ගමේ අම්මේ කියා කෑගසමින් ගේවටේ යනකොට යන්තං උන්දැ නිදාගෙන ඉඳල නැගිටලා ආව .....

මං පුරුද්දක් හැටියට ආච්චිට කෑම අරන් ගියාම ඒක ලිහල පිඟානක තියල ආච්චිගේ අතට දීල කාල ඉවර වෙනකං එයාගෙ ඉස්සරහින් පහත් වෙලා ඉන්නවා ..........
ඒ අතර ආච්චි හොඳ හොඳ කතා එහෙන් මෙහෙන් කියනවා.......

" මං රෑට නිදාගන්න කොහේ හරි යන්න ඕන ....
මෙතන අමුතු වැඩසටහනක් යනවා ....කියා රහසින් කීවාය ......

කටින් පමණක් නොව පුපෙන්ද පනින්නට ආ හිනාව අමාරුවෙන් තද කර ගත්තා .......

කෑම පාර්සයෙන් ඉතිරි ටික බල්ලන්ට දමමු කියල මං කිව්වම " කෝ දැන් ගෙදර බල්ලෙක් වත් ඉන්නේ නැහැ " කියල ආච්චි කිව්වා ....
ඇයි ගෙදර බල්ලො ඉන්නේ නැත්තෙ කියල මං ඇහුවම " ඒවා බන්ධන කාරයන්ගෙ වැඩ " කියල ආච්චි  කිව්වා .......

ආච්චි කියන්නේ කවුරු හරි මන්තර ගුරුකම් කාරයෙක් ගෙදරට කොඩිවිනයක් කර ඇති නිසා ගෙදරින් බල්ලන්ද ගිහින් කියලයි....😂😂😂😂........

ආච්චි එක්ක කතා කරන අතර ආච්චිගේ නංගීගේ සැමියා මියගිය බව ආච්චිට කිව්වා ......." ඊලඟට කවුද ඉන්නේ කියල ආච්චි ඇහුවා ".....දැනට කවුරුත් නැහැ කියල මං කිව්වා.....එතකොට ආච්චිගේ මුහුණට පොඩි හිනාවක් ආව ........

------------------------------------------------------------------------

අපේ ආච්චි "වරක් " කැළණියේ සිල් සමාදන් වෙලා උපන්දා සිට කරපු පව් වහලා දැම්මා කියල මං ඊයෙ කිව්වා .........
"වරක්" කැළණි වැඳලා නැවත පසලොස්වක පෝයට ආච්චි යනවා කැළණියේ සිල් සමාදන් වෙන්න .....

අවුරුද්දක් කැළණියට බඩගාලා සිල්මෑණිවරු එක්ක එහෙම ඇසුරට වැටිලා ඔන්න ඊලඟට ආච්චිට තව පිස්සුවක් හැදුන ........ඒ තමයි සිල්මෑණි කෙනෙක් වෙන්න ඕන කියන අදහස........

මීට අවුරුදු ගණනාවකට කලින් එක්තරා පොසොන් පොහොය දවසක කැළණියේ සිල් සමාදන් වෙලා පහුවදා සිල් මුදවලා ආච්චි ගෙදර එන්නේ දරුවන්ට කියල පැවිදි වීමේ බලාපොරොත්තුවෙන්......අවසාන වරට තමයි මං ගෙදර එන්නේ කියන අදහසින්.........

ආච්චිගේ ගෙදරට පාරෙන් යනවා නම් ලොකු වටයක් යන්න ඕන......කිලෝමීටර්  කිහිපයක් .....

ඉතින් හැමෝම ෂෝට්කට් එකක් හැටියට බස් එකෙන් බැහැලා වෙල මැදින් නියර දිගේ තමයි යන්නේ ........

එදා ආච්චි බස් එකෙන් බැහැලා වෙලමැදින් එනකොට ගමේ ගැහැනු කෙනෙක් මුහුණට මුහුණ හමුවුණත් ඒ කාන්තාව ආච්චිට මුහුණ නොදී ගියා.......

මේක ආච්චිට ලොකු ගැටලුවක් උනා.......ගෙදර මොකක් හරි කරදරයක්ද කියල ආච්චිට හිතිලා පය ඉක්මන් කරලා ගෙදර ආවා......

ඒ එනකොට..........ගමේ සෙනඟ මිදුලේ පිරිලා........

ඇත්තටම ගෙදර මොනවා වෙලාද ........
මීලඟ කොටසින්.......

මතු සම්බන්ධයි........

No comments:

Post a Comment