Friday, August 24, 2018

ආච්චි



මං ඉපදිලා ගෙදරට ගෙනාවට පස්සෙ  අපේ ගෙදර ඇවිත් මාස 6 විතර මගේ වැඩ කරගන්න අපේ අම්මට උදව් උනා කියල අම්මා කිව්වා ........වෙනිවැල්ගැට තම්බලා හිල් පොල් කට්ටෙන් නාවලා , පිහදාලා ගම්මිරිස් ඇට ටිකක් හපලා පුංචි මගේ බිජ්ජට  පිඹලා සෑහෙන කටයුතු කලාලු.........😂😂😂

අම්මපා මට  ඒකාලෙ තේරෙනවා නම් බිජ්ජට  ගම්මිරිස් පිඹින්න ලංවෙද්දී  දෙනවා පයින් එකක් දත් ඇන්ද බිම වැටෙන්න.........😂😂😂

මං ටිකක් ලොකු වෙද්දී අපේ ආච්චි මාසෙකට දෙපාරක් විතර අපේ ගෙදරට ගාටනවා........උන්දැ එනවට මං  ඒකාලෙ හරි කැමතියි , මොකද එනකොට මට රුපියල් 10 චොක්ලට් එකක් අරන් එනවා......

ඉතින් ආච්චි එනකොට මං චොක්ලට් එක කන්න බලාගෙන ඉන්නේ .....එහෙම ඇවිත් යද්දී අම්මා සල්ලි කොල කිහිපයක් ආච්චිගේ අතේ ටිකක් මං දැකල තියෙනවා .........

අපේ තාත්තාත් එහෙම ආච්චිගේ අතට සල්ලි දෙනවා...........දුවයි බෑනයි දෙන්නම සල්ලි දෙනකොට මාසෙකට දෙසැරයක් එන්නේ නැතුව ඉඳීවිද ??????

ආච්චිගේ අතට අම්මා සල්ලි දෙනකොට බොහොම හැඟීම්බරව උඹ තමයි මෙහෙමවත් දෙන්නේ අනිත් එකෙක්වත් දෙන්නේ නැහැ කියල කොඳුරලා කියනවා.........මං අහගෙන ඉඳල තියෙනවා .........

එහෙම කියලා ආච්චි යනකන් ඉඳල අපේ අම්මා තාත්තා එක්ක කියල පවුලේ අනිත් නංගීලා මල්ලිලා අට දෙනාට වස්දොස් යන්න අහු, දෙහි ,පුහුල් ,හොඬල, විතරක් නෙවෙයි කරුංකා,එක වල්ලේ දෙහි තුන හිටන් කපනවා......

ඒ වෙලාවට එක වල්ලේ දෙහි තුන
 නැති උනාට මල්ලි පස්දෙනා අහුඋනා නම් උන්ගෙ වල්ල ගලවලා අතට දෙන සැයිස් කේන්තියකින් අම්මා ඉන්නේ ........😂😂😂
ඇයි ඉතින් ආච්චි උඹ විතරයි අපි ගැන බලන්නේ කියල ගිනිතියලනෙ යන්නේ ........

එහෙම අපේ ගෙදර ඇවිත් ගිහින් දවස් දෙක තුනකින් තව දරුවෙක්ගෙ ගෙදර යනවා .....

කයිය ගහලා ඉවර වෙලා යන්න ලැහැස්ති වෙද්දී එහෙනුත් අතට ගාණක් දෙනකොට එයාටත් කියනවා උඹ විතරයි අපි ගැන බලන්නේ අනිත් එකෙක්වත් නිකමට එන්නේවත් නැහැ කියල ........

ඕක අහන දරුවා අනිත් සහෝදරයන් ගැන කේන්ති ගන්නවා ........
ඔහොම මාසෙකට දරුවන් 9 දෙනාගෙන් සල්ලි ගන්න පුලුවන් දෙතුන් දෙනෙක්ගේ ගෙවල් වලට යනවා ......

පවුලේ සහෝදරයන් දෙන්නෙක් හමුවුනොත්
උඹට බැරිද නිකන්වත් අම්මලා ගැන බලන්න කියල අනිත් කෙනාට සද්දයක් දානවා......හැමෝම හිතාගෙන ඉන්නේ තමන් විතරයි දෙමව්පියන් ගැන බලන්නේ කියල ...

එකෙක් කියනවා මං විතරයි බලන්නේ කියල ......අනිත්කෙනා කියනවා මං තමයි බලන්නේ කියල ........අන්තිමට කට්ටියට වැඩේ තේරුම් ගියා..........

මතු සම්බන්ධයි ඈ..........

No comments:

Post a Comment